Monday, January 30, 2012

ජනපති රන්වැට පූජා කරද්දී සෝමාවතියේ බුදු රැස් විහිදිලා












ඊයේ (29 වැනිදා) පෙරවරු 11 ට පමණ සෝමාවතිය පුදබිමට පැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සෝමාවතිය රජමහා විහාරාධිපති ආචාර්ය පහමුණේ සුමංගල හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් පිළිගනු ලැබීය. ජනාධිපතිතුමා සෝමාවතිය චෛත්‍යය වෙත බුද්ධ පූජාව පිළිගැන්විය.

අනතුරුව චෛත්‍යය අබියස පිහිටි බෝධීන් වහන්සේගේ ආරක්ෂාව හා අලංකාරය පිණිස ඉදිකරනු ලැබූ ස්වර්ණමය වැට ජනාධිපතිතුමන් විසින් මහා සංඝරත්නයේ සෙත්පිරිත් මධ්‍යයේ පූජා කරනු ලැබීය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොළොන්නරුවේ ඓතිහාසික සෝමාවතිය චෛත්‍යය අබියස බෝධීන් වහන්සේට ආරක්ෂිත රන්වැට පූජාකරන අවස්ථාවේ සැදැහැවතුන්ගේ සාධුකාර මධ්‍යයේ චෛත්‍යය දෙසින් බුද්ධ රශ්මි මාලාවන් විහිදෙන්නට වූ බව අද දිනමිණ පුවත්පත පවසනවා.

නමුත් වෙනත් පුවත්පත් රන් වැට පූජා කිරීම වාර්තා කළද එම පුවත් වල බුද්ධ රශ්මි මාලාවන් විහිදීමක් ගැන සඳහන් කරන්නේ නැත.