Friday, February 03, 2012

මහනුවර කුඩු අක්කී’ගේ යට ඇඳුම් අස්සේ කුඩු පැකට් 19ක්

මහනුවරට හෙරොයින් ගෙන්වා බෙදා හරින ප්‍රධාන ජාවාරම්කාරිය ලෙස සැලකෙන හැට හැවිරිදි “කුඩු අක්කී” නැමැති කාන්තාව හා ඇගේ ගෝලයන් සිවු දෙනෙකු හෙරොයින් පැකට් 19ක තොගයක් සමඟ මහනුවර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය මගින් ඊයේ (02) දංගොල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබීය.

දංගොල්ල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ සුසාන භූමියක් තුළදී මේ ජාවාරම්කාරිය අත්අඩංගුවට ගෙන ඇත. අනෙක් ගෝලයන් දෙදෙනා දංගොල්ල සංඝරාජ මාවත ප්‍රදේ්ශයේ දී අත්අඩංගුවට ගනු ලැබ ඇත. මෙයට අමතරව එම ගෝලයන් දෙදෙනා සතුව තිබූ ගංජා පැකට් දෙකක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රධාන සැකකාරිය හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් පෙර වැරදි ගණනාවක් තිබෙන බවත්, මේ වන විටද සිද්ධීන් දෙකක් මහාධිකරණයේ විභාග වෙමින් පවතින බැව් පොලිසිය පවසයි. මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්. එන්. බී. අඹන්වල, කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජී. බී. පෙරමුණේ යන මහත්වරුන්ගේ උපදෙස් මත මහනුවර කොට්ඨාස දූෂණ මර්දන ඒතකයේ ස්්ථානාධිපති පො. ප. රංජිත් ජයසේන මහතාගේ මෙහෙයවීමෙන් කාන්තා උ.පො.ප කේ. ඩබ්ලිව්. ජී. ඉන්ද්‍රාණි, පොලිස් සැරයන් සෙනවිරත්න 17321 ඇතුළු මහත්ම මහත්මීහු පිරිසක් මෙම වැටලීම කළහ. සැකකාර කාන්තාව අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇගේ යට ඇඳුම් තුළ සඟවාගෙන සිටි හෙරොයින් තොගය හමුවී ඇත.

කලක් තිස්සේ සිට සැකකාරිය මහනුවර, පේරාදෙණිය, දංගොල්ල ආදී ප්‍රදේශවලට හෙරොයින් බෙදා හැරීම සිදුකැර ඇති බැව් අනාවරණය වේ.








Source Dinamina