Monday, February 20, 2012

සනෝජාට කතරගමදී කඩු පහරක්

 ප්‍රකට චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිළි සනෝජා බිබිලේට පසුගිය සති අන්තයේ කතරගමදී මරණීය කඩු පහරකින් බේරෙන්නට හැකි වුණා.
ඒ ඇය ඛෙහෙත් ගැනීමට ඩිස්පැන්සරියකට ගිය අවස්ථාවකය. වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය.
ඇය පිරිසක් සමග පසුගිය සති අන්තයේ කතරගම වන්දනාවේ ගිය අවස්ථාවක දේවාලයේ පූජාවට යාමට සූදානම් වෙමින් සිටියදී අසනීපයක් මතුවූ බැවින් එයට ප්‍රතිකාර ගන්නට තැනක් සොයා බලා අසනීපයට ප්‍රතිකාර ගැනීමට ඇගේ මාමා කෙනෙකුද සමග කතරගම රෝහල් වෛද්‍යවරියගේ නිල නිවසේ ඩිස්පැන්සරියට ගොස් තිඛෙනවා’ එහි ගිය අවස්ථාවේ වෛද්‍යවරිය ප්‍රමාදවී පැමිණ ඛෙහෙත් නියම කර තිඛෙනවා

මෙම සිද්දිය ලක්බිම පුවත්පතට  විස්තර කරන සනෝජා බිබිලේ මෙනෙවිය
"බෙහෙත් තුණ්ඩුව ගෙන එම නිවෙසේම ස්ථානයක බෙහෙත් දෙන කවුන්ටරයට ගොස් එහි සිටින පිරිමි අයට දුන්නා. ඒ සමග මම දේවාලයේ පූජාවට යාමට ප්‍රමාදවන නිසා ඉක්මනින් බෙහෙත් ටික ලබා දෙන ලෙස ඉල්ලීමක් කළා.

ඒ සමගම බෙහෙත් තුණ්ඩුව ගත් පුද්ගලයා පරුෂ වචන කියමින් බෙහෙත් තුණ්ඩුව ඉරා දමා තොපිට ඕන විදියට බෙහෙත් දෙන්නෙ නෑ කියමින් මාගේ මාමාට පහර දුන්නා. පසුව මම ඒ පුද්ගලයාගේ අත අල්ලා මාමට පහර දෙන එක වළක්වනු ලැබුවා.

ඉන්පසුව අපිට පහරදුන් පුද්ගලයා කඩුවක් ගෙන අපිව කපනවා යැයි පවසමින් එළියට පැමිණ කඩුවෙන් කෙටීමට තැත් කළා. එහිදී අපි ගේ ඇතුළට දුවගෙන ගොස් කාමරයක දොර වහගත්තා. ඉන්පසු වෛද්‍යවරිය අපිව කාමරයෙන් පිටමංකර යවනු ලැබුවා.

පසුව අපි කතරගම ‍පොලීසියේ ආරක්ෂාව ඇතිව වෙනත් වෛද්‍යවරයකුගේ ප්‍රතිකාර ලබා ගත්තා."

අදාළ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වන ප්‍රධාන වෛද්‍ය නිලධාරිනිය  පවසන්නේ සනෝජා බිබිලේ ඇතුළු පිරිස තම සැමියාට පහරදී අත තුවාල කල බවකි.