Saturday, February 11, 2012

එළවළු තොග මිල ජංගම දුරකතනයෙන්






 
දීප ව්‍යාප්තව පිහිටුවා ඇති එළවළු තොග වෙළෙදපොළ දෛනික මිල ගණන් ජංගම දුරකතනයෙන් දැනගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සැලසේ. කෘෂිකර්ම අමාත්‍යංශය හා ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය එක්ව ඒ සඳහා 6666 දුරකතන අංකය හදුන්වා දී තිබේ.

දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේ ඇති හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු කිරීමේ හා පර්යේෂණ ආයතන කුටියේ දී කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් නව දුරකතන අංකය හදුන්වා දෙන ලදී.

මෙමගින් දේශීය වෙළෙදුන්ට තමන්ගේ මොබිටෙල් දුරකතනයෙන් 6666 අමතා වෙළෙදපොළේ තොග මිල ගණන් දැන ගැනීමට අවස්ථාව ලැබෙන අතර තම එළවළු අලෙවි කර ගැනීමේ දී ද වෙළෙදුන්ට මෙයින් පහසුව සැලසේ.







source: dinamina