Wednesday, February 08, 2012

දික්වැල්ලේ ජර්මන් තරුණියට නින්දේදී නොදැනීම අතවර කර තරුණයා පළා යයි

















ඊයේ පාන්දර මාතර දික්‌වැල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක සිටි ජර්මන් ජාතික කාන්තාවක් දූෂණයට ලක්වී තිබෙනවා

මෙම ජර්මන් කාන්තාව සිය පෙම්වතා ද සමඟ ඊයේ අලුයම 2.30 පමණ වනතුරු හෝටලයේ මත්පැන් පානය කරමින් සිට ඇති අතර පසුව ඇය සිය පෙම්වතා ද සමඟ නින්දට ගොස්‌ තිබෙනවා.

අධික ලෙස මත්පැන් පානය කර සිටි නිසා ඇය තදින් නින්දට වැටී ඇති අතර අලුයම 3.00 ට පමණ ජර්මන් කාන්තාව හදිසියේ අවදි වී ඇත්තේ කිසියම් පුද්ගලයකු ඒ වන විට ඇයට අතවර කරමින් සිට ඇති නිසායි.

මුලින් ඇය සිතා ඇත්තේ තමා සමඟ සිටින්නේ තම පෙම්වතා කියාය. එහෙත් තමා සමඟ සිටින පුද්ගලයා වෙනත් අයකු බව පසුව ඇයට තේරුම් ගොස්‌ ඇති නිසා කාන්තාව කෑගසද්දී එම නාඳුනන පුද්ගලයා නිරුවතින්ම කාමරයෙන් පැන දිවගොස්‌ තිබෙනවා. මේ වනතුරුත් කිසිවෙක් ඒ වෙනුවෙන් අත් අඩංගුවට ගෙන නැහැ.