Wednesday, February 08, 2012

ඇමති කෙහෙළිය හදිසි අනතුරක







තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙල්බර්න් නගරයේ පිහිටි හෝටලයක ඇද වැටීමෙන් තුවාල ලබා මේවනවිට ඔස්ට්‍රේලියාවේ රෝහලක ප්‍රතිකාර ලබමින් පසුවන බව වාර්තා වේ.

කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් වන ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන රමිත් රඹුක්වැල්ලගේ දණහිසේ අබාධයකට ශල්‍යකර්මයක් සිදුකිරීමට ඔස්ට්‍රේලියාව බලා ගොස් සිටි අතරතුර මෙම අනතුරට මුහුණ පා ඇත.

කෙසේ නමුත් අමාත්‍යවරයාගේ සෞඛ්‍ය තත්වය එතරම් යහපත් නොවන බව නිල නොවන ආරංචිමාර්ග සඳහන් කර සිටි.

තවත් සැත්කමක් හෙට (9) සිදුකිරීමට නියමිත බව ඇමැතිවරයා සඳහන් කරයි. කෙසේ වෙතත් තමාට ඉක්මන් සුවය ලැබෙමින් පවතින බවත්, තවත් දින කිහිපයකින් නැවත මව්බිමට පැමිණීමට හැකියාව ලැබෙන බවත්, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර නේවාසිකව ප්‍රතිකාර ගන්නා රෝහලේ සිට ස්වාධීන රූපවාහිනියට අදහස් දක්වමින් ඇමැතිවරයා සඳහන් කෙළේය.