ඊයේ සියත නාලිකාවේ සියපත්විල වැඩසටහනට එක්වූයේ ළඟදී විවාහ වුණ ජැක්සන්ගේ දියණිය මාධවීත් හේමසිරි පුතු ආලෝකත්ය.
කටකාර මාධවී සිය පියා මෙන් බෙහෝ විස්තර සහිතව කතා කරන්නට සමත්කම් දක්වන්නියක බව මෙහිදී පෙන්නුම් කළ අතර දෙදෙනා මුණ ගැසීමේ සිට විවාහය දක්වා මෙතෙක් නොකී තොරතුරු රැසක් හෙළි කළා. ඔවුනගේ විවාහයේ වීඩියෝ පටිගත කිරීමද මෙම වැඩසටහනින් ඉදිරිපත් කළා.
ආලෝකව රෙකමන්ඞ් කළේ අනුෂා රාජපතිරණ (යෙහෙළි)අක්කි
ඔම්ලට් එකක් බදින්නට ගොස් අත පිච්චී රෝහල් ගත කළ අවස්ථාවේ මුලින්ම ආලෝක තමන්ට මුණ ගැසුණ ආකාරය විස්තර කළ මාධවී ඒ දිනවල තමන්ගේ මල්ලිලා විහිළු කළ නිසාත් ආලෝක ගැන වැඩිපුර සිතන්නට වූ බව කිව්වා.
එස් එම් එස් එකකින් ඔහුට ස්තූති කර ඉන් පසු බම්බලපිටියේදී මුණ ගැසී දෙදෙනාම චොකලට් තෑගිදී පේ‍්‍රමයට මුල පිරූ අයුරුද මාධවී විස්තර කළා.
ප‍්‍රථම මුණගැසීමේ අවස්ථාවට දිනුෂා රාජපතිරණ අක්කාද එක්වූ බව කියන මාධවී ඇය ඔහු හොඳ බවට රෙකමදාරු කළ බවද කිව්වා.
ආලෝකට ඔහු හා එකට වෛද්‍ය විභාග සඳහා අධ්‍යයන කරන මිතුරකු හා මිතුරියක සිටි බවත් ඔවුන් දෙදෙනා විවාහ වූ පසු තමන්ට කවුරුන් හෝ පෙම්වතියක සොයා දෙන්නට ඔවුන් වෙර දරන අතර මාධවී ගැන දැනගෙන ඔවුන් තවත් උනන්දු කළ බව ඔහු කිව්වා.
ආලෝක මට සැන්ටාක්ලෝස් තෑග්ගක් වගේ
මාධවී පවසන්නේ තමන්ට ආලෝක යනු සැන්ටාක්ලෝස් ගෙනත් දුන් ත්‍යාගයක් වැනි බවය.ඔහු තමාට වඩා ගොඩක් ඉවසන බව ඇය කියන්නීය.
මාධවීට නිවසේදී කියන්නේ සුදු හාමිනේ බවත් ආලෝකට කියන්නේ පැට්ටා බවත් ඔවුන් පැවසූ අතර දෙදෙනා අමතන්නේ ‘එක එක ආදර වචන’ වලින් බවද මාධවී කියන්නීය.
ෂොපින් යාමේදී සැමියාගෙන් ලැබෙන සහයෝගය ගැන කියන විට මාධවී පැවසුවේ
‘මං නිතරම ෂොපින් යන කෙනෙක් අප්පච්චි එක්ක නම් ෂොපිං යන්න බෑ ඉක්මණට යන්න ඕන කියනවා ඒක් ආලෝක එක්ක ෂොපින් යන්න පුළුවන්.එයාට කලබලයක් නෑ.’ලෙසය.
මට උදේට ඇහැරවන්නෙත් ආලෝක
උදේට ආලෝක ඇහැරෙන්නේ ප‍්‍රමාදවීදැයි ඇසූ විට මාධවී කිව්වේ ‘මට ඇහැරවන්නෙත් ආලෝකයි’ ලෙසය.මාධවීගෙන් සැමියාගේ දකින වැරැුද්ද මොකක්දැයි ඇසූ විට කිව්වේ ‘තමා හැමවිටම පොඩි ළමයෙකු ලෙස සිතා කටයුතු කිරීමට අකැමැති බවයි’ ආලෝක පැවසුවේ තමන්ට මාධවී ගේ පරිස්සම් නැති ගතිය ප‍්‍රශ්නයක් බවය.
ආලෝක ලබන ජනවාරියේ වසර 2 ක විශේෂඥ ශල්‍ය වෛද්‍ය පුහුණුවක් සඳහා විදේශගතවන බව කිව්වා. එම ගමනට මාධවී එක් නොවන අතර පසුව ඇයව එහි කැඳවා ගන්නට බලාපොරොත්තු වන බවද කිව්වා.
ආලෝකත් මාධවීත් තමන්ගේ විවාහය සැලසුම් කළ ආකාරයත් එම විවාහයේ වීඩියෝවත් මෙම වැඩසටහනේ ප‍්‍රචාරය වුණා.
සියත ටීවී සියපත්විල සම්පූර්ණ වැඩසටහන මෙතැනින් නරඹන්න