Wednesday, December 29, 2010

ජයසූරිය නැවතත් 0 යි




ලෝක කුසලාන පුහුණු සංචිතයේ 30 දෙනා අතරට නම් කර තිබෙන සනත් ජයසූරිය පෙර පුහුණුවක් ලෙස අද(28) අන්තර් සමාජ ක‍්‍රිකට් තරගයකට බ්ලූම්ෆීල්ඞ් කණ්ඩායම නියෝජනය කරමින් සහභාගී වූයේ රාගම ක‍්‍රීඩා සමාජයට එරෙහිවය.
නමුත් එහිදී පන්දු 3 කට පමණක් මුහුණදී 0 ට දැවී ගිය ජයසූරිය පසුගිය කාලය පුරා පෙන්නුම් කළ අසාර්ථකත්වය අදත් පෙන්නුම් කිරීම විශේෂ සිද්ධියක් විය.
මෙම තරගයෙන් රාගම ක‍්‍රීඩා සමාජය පරදා බ්ලූම්ෆීල්ඞ් පිළ ජය ගත්තේ ලකුණු වේගය මතය.
ඉවත් කර නැවත ඇතුළට
මින් ඉහත දිගින් දිගටම අසාර්ථකවූ ජයසූරිය දේශපාලන බලපෑම් මත ලෝක කුසලාන තරගාවලියට එක් වෙන බවට විවේචන පවතින අතර මින් ඉහත සීබී රත්නායක ඇමතිවරයාගේ කාලයේ අරවින්ද සිල්වා තේරීම් කමිටුවට පත්වූ පසු දුර්වල පිති හරඹය නිසා ජයසූරිය තරග කිහිපයකින්ම ඉවත් කරන ලදි. නමුත් දැන් සිටින්නේ වෙනත් ඇමතිවරයෙකි.අලූත්ගමගේ ඇමතිවරයා පවසන්නේ ඔහු ලෝක කුසලානයට අතගසන්නේ නැති බවකි.
 පරණ අයට චාන්ස් එකක්
කෙසේ වෙතත් මින් සති දෙකකට පමණ පෙර ලෝක කුසලාන 30 සංචිතයට යළි ජයසූරිය නම් කරමින් අරවින්ද පැවසුවේ
 ‘අලූත් අයට වර්ල්ඞ් කප් 4 ක් වුණත් ප්ලේ කරන්න චාන්ස් එක තියනව.නමුත් මං කල්පණා කළේ මොස්ට් එක්ස්පීරියන්ස්ඞ් අයට වැඩි ප්රයරිටි එකක් දෙන්න’ ලෙසය.
මේ අනුව අවසන් 15 දෙනාගේ තීරණාත්මක සංචිතයට ජයසූරියව නම් කිරීමට ඉඩකඩ වැඩිය.
එහිදී ජයසූරිය අසාර්ථක වුවහොත් ලෝක කුසලානය අහිමිවීමෙන් පසු ලාංකිකයින්ට හිතහදාගත හැකි වන්නේ ‘පරණ අය ගැහුවනේ’ කියා පමණි...