
දශකයකට වැඩිකාලයක් තිස්සේ මෙරට සොෆ්ට්වෙයාර් භාවිතය මේ තත්වයේ පැවතීම නිසා ඇත්තටම මේවා මිලටගත යුතුද යන්න පවා සමහරුනට ගැටලූවකි.
කෙසේ වෙතත් මේ පිළිබඳ නීති රීති ලෝක මට්ටමේදී ඉතා තදය. ලංකාවේ 2003 අංක 36 දරන බුද්ධිමය හිමිකම් නීතිය යටතේද මෙය වරදකි.
30 ක් අල්ලලා
ඉතා ජනප‍්‍රිය සොෆ්ට්වෙයාර් සමාගම් කිහිපයක් වන මයික්‍රොසොෆ්ට්, ඇඩොබි,ඔටොඩෙස්ක් වැනි ආයතන කිහිපයක් කළ පැමිණිළි හේතුවෙන් ව්‍යාපාරික චේතනාවෙන් මෙම සොෆ්ට්වෙයාර් භාවිත කරන්නන් ඇල්ලීමට පසුගිය සතියේ සිට පියවර ගත් බවත් මේ වන විට 30 කට වැඩි ආයතන මෙම වරද සිදුකර හසුවී ඇති බවත් අපරාධ පරීක්ෂණදෙපාර්තමේන්තුවෙන් වාර්තා වේ. Business Software Alliance (BSA) මගින් කරන ලද මග පෙන්වීම් ඔස්සේ මෙම වැටලීම් ඇරඹි බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්වයි.