ගොකරුල්ල කසාගල රජමහා විහාරයට පසුගිය දිනෙක හදිසියේ ආ පිරිසක් ඔවුන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මෙහි පැමිණි බව කියමින් එම විහාරස්ථාන භූමියේ කැණීම් කටයුතු කිරීමට අවශ්‍ය බව විහාරාධිපති හිමියන්ට දන්වා නිධානයක් ඇතැයි ප්රකටව තිබූ විහාරස්ථාන භූමිය සැක කටයුතු ලෙස හාරන්නට පටන් ගෙන තිබේ.
මෙම සැකකාර පිරිස ගැන විහාරාධිපති හිමියන් ගම්වාසීන් දැනුවත් කර තිබෙන අතර ගම්වාසීන් පොලිසියට දැන්වීමෙන් අනතුරුව එහි පැමිණි පොලිසිය පිරිස වටකර ඔවුන්ගෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තු හැඳුනුම් පත විමසා තිබේ.
මේ කිසිවකු ළඟවත් එවැන්නක් තිබී නැත.
වහාම එතැන සිටි 10 දෙනා අත්අඩංගුවට ගැනීමට ගොකරුල්ල පොලිසිය කටයුතු කර තිබේ.මෙම පිරිස අතර සමාජයේ නම ගිය කැපී පෙනෙන වෘත්තීන්හි නිරත කිහිප දෙනෙකුම සිටීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ බාහිර වැඩසටහන් නිෂ්පාදකයෙකු වන අනුර මුදුන්කොත් මහතාත්, ශ්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ජ්‍යේෂඨ විමර්ශන නිලධාරීයෙකුත්, එච් ඞී එෆ් සී බැංකු කළමණාකාරවරයෙකුත්, රාජ්‍ය දැව සංස්ථා නිලධාරියෙකුත්, තඹුත්තේගම ප්‍රදේශයේ ව්‍යාපාරික කාන්තාවකුත් මෙම පිරිස අතර සිට ඇත.
මොවුන් සියල්ල පැමිණි වෑන් රියේ තිබී රුපියල් හතළිස් දහසක පමණ මුදලකුත් පොලිස් භාරයට පත් විය.
මෙම පිරිස අද කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.