පොල් සංවර්ධන ඇමති
පොල් ගණන් යාම ගැන දැන් හැමතැනම කතාවෙයි.මේ ගැන ජවිපෙද රජයට චෝදනා කරයි.නමුත් පොල් සංවර්ධන ඇමති ජගත් පුෂ්ප කුමාර මහතා පවසන්නේ පොල් ගණන් යාමට වගකිව යුත්තේ ජවිපෙය බවයි.ඔහු පවසන්නේ 88-89 භීෂණ සමයේ පොල් ගස් කපා පාරට දැමූ නිසා පොල් ගස් හිඟයක් හටගත් බවත් මේ වන විට පොල් ගණන් යාමට බලපෑවේ එම හේතුව බවත්ය. ඔහු ඊයේ මොණරාගල පැවති රැස්වීමකදී එය පැහැදිලි කර තිබුනේ මෙසේය
ජවිපෙ සහෝදරුවරු දැන් චෝදනා කරනව පොල් ගණන් යාම ගැන..තමුන්නාන්සෙලා දන් නැති කාරණාවක් ...පොල් ගෙඩියක් හැදෙන්න මාස 42 ක් විතර යනවා..පොල් කලලය හැදිල ගහ ඇතුළේ අවුරුද්දක් විතර තියනවා..තමුන්නාන්සෙලම කියන්න 1988-1989 වකවානුවෙ ගම්වල පොලිසි යනවට හමුදාව යනවට ජේවීපිය ගම් බය කරගෙන පොල් ගස් කොච්චර ප‍්‍රමාණයක් පාරවල් හරහා දාල තිබුණද කියල එහෙමනම් ඒ කපපු මිනිස්සු නේද වගකියන්න ඕන.. පොල් ගණන් යාම ගැන දැන් හැමතැනම කතාවෙයි.මේ ගැන ජවිපෙද රජයට චෝදනා කරයි.නමුත් පොල් සංවර්ධන ඇමති ජගත් පුෂ්ප කුමාර මහතා පවසන්නේ පොල් ගණන් යාමට වගකිව යුත්තේ ජවිපෙය බවයි.ඔහු පවසන්නේ 88-89 භීෂණ සමයේ පොල් ගස් කපා පාරට දැමූ නිසා පොල් ගස් හිඟයක් හටගත් බවත් මේ වන විට පොල් ගණන් යාමට බලපෑවේ එම හේතුව බවත්ය. ඔහු ඊයේ මොණරාගල පැවති රැස්වීමකදී එය පැහැදිලි කර තිබුනේ මෙසේය