Thursday, December 30, 2010

ඇමරිකාවේ වෙඩි පහරකට ලක්වූ ශ‍්‍රී ලාංකික ශිෂ්‍ය


මංකොල්ලකරුවන්ගේ වෙඩි පහරකට ලක්ව ඇමරිකාවේ අධ්‍යාපනය ලබමින් සිටි ශ‍්‍රී ලාංකික ශිෂ්‍යයෙකු ඊයේ මරණයට පත්වුණා.
කැන්සාස් නගරයේ පිරවුම්හලක ලිපිකරුවෙකු ලෙස සිදුකරන ඔහුගේ අමතර රුකියාව අතරතුර පිරවුම්හලට ආ මංකොල්ලකරුවෙකු ඔහුට වෙඩි තබා ඇති අතර කිසියම් භාණ්ඩ කිහිපයක් පමණක් රැුගෙන ඔවුන් පළාගිය බවත් පැවසෙනවා.
කෙසේ වෙතත් පසුව ආ පාරිභෝගිකයෙකු මොහුගේ තුවාල දැක ඒ ගැන කිසිවක් නොකර වෙළෙඳ සැලේ මුදල් කොල්ල කා පළාගොස් ඇති අතර සිදුවීමෙන් මිනිත්තු 20ට පමණ පසු එම පිරවුම්හලට පැමිණි තවත් පාරිභොගිකයකු විසින් තුවාලකරු දැක අදාළ සිද්ධිය පිළිබඳව පොලීසියට දැනුම් දී තිබේ.
ඒ වන විටත් බරපතල ලෙස තුවාල ලැබූ ශිෂ්‍යයා රෝහලට ඇතුළු කිරීමෙන් පසු මරණයට පත්ව තිබෙනවා
.

මෙසේ මරණයට පත්ව ඇත්තේ මිෂුරි විශ්ව විද්‍යාලයේ විද්‍යුත් හා පරිගණක ඉංජිනේරු විද්‍යාව පිළිබඳව අධ්‍යාපනය ලබමින් සිටි 25 හැවිරිදි සුජේන්ද‍්‍ර අමරසිංහම් නැමති ද්‍රවිඩ ජාතික ශ‍්‍රී ලාංකිකයෙකි.ඔහු තවත් අවුරුද්දකින් උපාධිය නිම කිරීමට අපේක්ෂාවෙන් සිටි අයෙකි.
එම සිදුවීම පිළිබඳ පරීක්ෂණවලදී මාධ්‍ය වෙත නිකුත් කර තිබූ ඡායාරූප පහත පරිදිය.

මෙම සිදුවීම පිළිබඳ ඇමරිකානු රූපවාහිනී නාලිකාවකින් වාර්තා කර තිබුනේ මෙසේය.
'
See Video