ඊයේ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ දහම්පාය විවෘත කිරීමේ උත්සවය පැවැත්වුණා. නමුත් මේ උත්සවයේ නැකත වැරදීයාමෙන් ප‍්‍රධාන ආරාධිතයා වූ දි.මු. ජයරත්න අගමැතිවරයාට දෙවරක් එන්නට සිදුවූ බව වාර්තා වෙනවා.
මෙම කටයුත්ත සඳහා අග‍්‍රාමාත්‍යතුමා උත්සව භූමියට මුලින්ම පැමිණ ඇත්තේ පෙරවරුවේ 10.15ට පමණ වුවත් බුද්ධ ශාසන අමාත්‍යාංශ ලේකම් කැසියන් හේරත් මහතා පවසා ඇත්තේ නැකත තවත් පැය භාගයකට පමණ පසුව පෙරවරු 10.47ට තිබෙන බවයි..
ඒ නිසා අග‍්‍රාමාත්‍යවරයා යළි විසුම්පායට ගොස් වැඩිවූ කාලය ගත කර උත්සව භූමියට පෙරවරු 10.45ට පැමිණියා.
මෙම උත්සවය සංවිධාන කටයුතු දුර්වල බව තවදුරටත් තහවුරුවූයේ පෙරවරු 11ට විවෘත කිරීම තිබියදී මාධ්‍ය සඳහා යැවූ ආරාධනයේ එය පෙරවරු 9 ලෙසත් සංඝරත්නයට යැවූ ආරාධනයේ එය පෙරවරු 10 ලෙසත් සටහන්වීමෙනි.