ලංකාවේ පුළුල්තම අන්තර්ජාල සේවා සපයන්නා වන ශ‍්‍රී ලංකා ටෙලිකොම් 2011 ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි ඇතැම් පැකේජවල වේගය වැඩිකර මිල ගණන් අඩු කර ඇත.
නව වෙනස්කම් අනුව ප‍්‍රධාන වාසි 5 කි
නව වෙනස්කම් අනුව ප‍්‍රධාන වාසි 5 කි
- එන්ටි‍්‍ර පැකේජයේ වේගය 512Kbp සිට 1 mbp දක්වා වැඩිකරන අතර එහි ධාරිතාව 1 සිට 1.5 GB දක්වා ඉහළ යවා ඇත.
- මින් ඉහත එක්සයිට් ප්ලස් නම්වූ පැකේජය හෝම් ප්ලස් යනුවෙන් වෙනස් කර ඇති අතර(මෙය සාමාන්‍ය හෝම් පැකේජය නොවේ) එහි ධාරිතාව 7 සිට 8සිටදක්වා වැඩිකර ඇති අතරම මාසික ගාස්තුව රු 2000 සිට 1500ට අඩුකර ඇත. ඔෆිස් ප්ලස් ධාරිතාව 15 සිට 20GB දක්වා වැඩිකර ඇති අතරම මාසික ගාස්තුව රු 5000 සිට 3500ට අඩුකර ඇත.
- එකක අනුව ගාස්තු සකසන පැකේජ සියල්ලේ අමතර 1ඵඊ සඳහා ගාස්තුව සත 50 සිට 35ට අඩු කර ඇත.
එක්සෙල් ප්ලස් ධාරිතාව 21 සිට 40ඨඊ දක්වා වැඩිකර ඇත.
මේ අතර මෙම සහන පැකේජ පිළිබඳ ඉරිදා පුවත්පත්වල පළවූ දැන්වීම වැරදියට අර්ථකතනය කර අසීමිත ඩවුන්ලෝඞ් පවතින පැකේජ නවතා ඇතැයි ඇතැම් වෙබ් අඩවි වැරදි ප‍්‍රචාර ගෙන ගියේය නමුත් ඇත්ත තත්වය වෙනස්ය.
හෝම් සහ හෝම් ප්ලස් පැකේජ පටලවාගැනීමෙන් මෙම අර්ථදැක්වීම කරන්නට ඇතැයි පෙනෙන්නට තිබේ.නමුත් එවැන්නක් සිදුවී නැති බව පහත පළවන පැකේජ විස්තර වලින් තහවුරු වේ.