Thursday, March 01, 2012

බාලිකා පාසල් දෙකකට බලෙන් රිංගූ සිසුන් 43 ක් කූඩුවේ









ඊයේ දහවල් කොළඹ ප්‍රධාන පෙළේ පාසලක් වන රාජකීය විද්‍යාලයේ සිසුන් 43 දෙනෙකු අත්අඩංගුවට පත්වුනේ  බිග්මැච් උමතුවේ එක් ප්‍රතිඵලයක් ලෙසයි.ඔවුන් කාන්තා විද්‍යාල දෙකකට පැන තිබුණ අතර ඔවුන් කොටුවූයේ කොළඹ බිෂොප් විද්‍යාලයට පැන්න අවස්ථාවේදීය.
කුරුඳුවත්ත පොලිසියට ලැබුණ ඇමතුමක් මත පොලිසිය එම පාසලට ගොස් සිසුන්ව අත්අඩංගුවට ගැනීම සිදු කර තිඛෙනවා. අත්අඩංගුවට පත් වන විට සිසුවියන්ගේ පන්ති කාමර ඇතුළේ සැරිසරමින් සිටි අනවසරයෙන් ඇතුළුවූ සිසුන් 43 දෙනෙකු සිටි බව වාර්තා වුණා.
මෙතරම් විශාල පාසල් සිසුන් පිරිසක් එකවර අත්අඩංගුවට පත් වූයේ කලකට පසුය.
මේ වන ‍විටත් කොළඹ ප්‍රධාන පෙළේ සියලුම බාලිකා පාසල් අවට දැඩි පොලිස් රැකවරණයක් යොදා  ඇත.
මෙම “බිග් මැච්” මුල් කරගෙන කොළඹ ප්‍රධාන පෙළේ පාසල් අතර ඇතිවන ගැටුම්, කළහකාරී තත්වයන් මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ද පිරිමි පාසල් වල විදුහල්පතිවරුන් සමග පොලිසීය මේ වන විටත් සාකච්ඡා කෙරෙමින් පවතිනවා.