ගීතාට මැඩම් නොකී නිසා ඒජීඒ මාරු කරලා
"ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් අනුෂා බටවල ගමගේ මහත්මිය අතිමහත් සේවාවක් ප්‍රදේශයට කළා. එක්තරා දේශපාලනවරියකට "මැඩම්" කියල නම්බුදී කථා නොකළැයි මතුවූ ප්‍රශ්නයක් නිසා එම මහත්මිය මාරු කර යවා ඇති බව වාර්තා වේ.මෙසේ මාරු කර තිඛෙන්නේ එම ප්‍රදේශයේ එජනිස සංවිධායකවරියක ලෙස කටයුතු කරන ගීතා කුමාරසිංහ මහත්මිය බව ඊයේ දකුණු පළාත් සභා රැස්වීමකදී අනාවරණය වුණා’
මෙවැනි අසාධාරණ බලපෑම් සිදුවීම නැවැත්විය යුතුයි. ඉතා හොඳින් වැඩකළ ප්‍රාදේශීය ලේකම්වරියක ඇල්පිටියට අහිමිවී තිබෙනවා. මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ඉල්ලා යවන ලෙස ඉල්ලා සිටිනවා".
දකුණු පළාත් මාසික රැස්වීමේදී මේ පිළිබඳව හෙළිදරව් කරනු ලැබුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී මේජර් අජිත් ප්‍රසන්න මහතා විසිනුයි.