Wednesday, March 14, 2012

දස හැවිරිදි හසාන් ගෙල සිරවී මිය යයී













සිය නිවසේ පරාලයක සාරි රෙද්දකින් තනාතිබූ ඔන්චිල්ලාව පදිමින් සිටි සිසුවාගේ බෙල්ලේ රෙද්ද එතී සිටියදී ඒ අවස්ථාවේදී මිදුලේ සෙල්ලම් කරමින් සිටි තුන් හැවිරිදි නිවුන් සොයුරියන් දෙදෙනා දැක එම සිද්ධිය නිවස තුළ සිටි මවට කියා තිබේ. එම ස්ථානයට පැමිණි මව පිහියකින් සාරි රෙද්ද කපා ගෙල සිරවී සිටි හෂාන් මුදාගෙන ඇත.

අනතුරුව අසල්වැසියන්ගේ උදව් ඇතිව ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළු කරනු ලැබීය. රෝහල්ගත කොට සිටි හෂාන්ගේ දිවි බේරා ගැනීම සඳහා වෛද්‍ය කාර්ය මණ්ඩලය දින 10 ක් පුරා ප්‍රතිකාර ලබා දුන්නේය.එහෙත් හෂාන් ඊයේ (13) පෙරවරුවේ ඥාතින් මෙන්ම ප්‍රදේශවාසින්ගේ දුක් සුසුම් මධ්‍යයේ අවසන් ගමන් ගියේය.

 මෙසේ මිය ගොස් ඇත්තේ පොළොන්නරුවේ සේවාගම ගොවිජනපදයෙ පදිංචි රාජකීය කනිෂ්ඨ විදුහලේ පහ වසර ඉගෙනුම ලබමින් සිටි එම්. එච්. හසාන් (10) නමැති සිසුවෙකි.