Monday, March 19, 2012
කහවත්තේ මව හා දියණිය ආරුඪයෙන් මිනීමරුවන් හෙළි කරයි
කහවත්ත ද්විත්ව ඝාතනයේ සැකකරුවන්ගේ නිවෙස් වල ගම්වාසීන් කුපිත වී ගිනිතබන අවස්ථාව වන විට සැකකරුවන්ගේ පවුලේ ඥාතීන් විසින් කඩුවෙල රණාලේ නිවසක් තුල මළගිය ප්‍රාණකාරයින් ගෙන්වන අයකු ලවා ඝාතනයට ලක් වූ මව හා දියණිය ආරූඩයෙන් ගෙන්වා ඝාතනයේ සුලමුල අසමින් සිට ඇතැයි පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායමකට තොරතුරු ලැබී ඇත.
මෙම ඝාතනයේ ප්‍රධාන සැක කරුගේ සොහොයුරා වන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ පුත්‍රයාගේ රණාලේ පිහිටි නිවසේ දී මෙම කටයුත්ත සිදු වී ඇතැයි ද හෙලි වී තිබේ. ඉකුත් 7 දා රාත්‍රියේ සිට මෙම නිවසේ සිට මළවුන් ගෙන්වන කාර්යය සිදුකරගෙන යන වෙලාව තුල දී කහවත්තේ වැසියන් විසින් සැක කරුවන්ගේ නිවෙස් වලට ගිනි තබා තිබිණි.
කහවත්ත කොටකෙතනේ දී ඝාතනයට ලක් වූ නයනා නිල්මිණී (51) හා කාවින්ද්‍යා චතුරංගි (18) යන යන මව හා දියණියව ආරූඩයෙන් ගෙන්වා ඇති අතර ඔවුන් ඝාතනය වූ ආකාරය එකිනෙකට ආරූඪයෙන් කියද්දී අදාල ප්‍රාදේශීය දේශපාලකයා සහ කිහිපදෙනෙකු හිමින් සීරුවේ එතැනින් නැගිට ගොස් තිබූ බවට ද පරීක්ෂණ කණ්ඩායම් වෙත තොරතුරු ලැබී ඇත.
මලගිය ප්‍රාණ කාරයන් ගෙන්වන මෙම පුද්ගලයා මිට පෙරද මෙවන් කාර්යයන් සාර්ථකව ඉටුකර ඇති බව වාර්තා වේ. ඝාතනය කෙරුණු නයනා නිල්මිණිත් ඇගේ දියණිය කාවින්ද්‍යාත් මලගිය ප්‍රාණ කාරයන් ලෙස ගෙන්වීම සාර්ථක වී ඇත.
නයනා නිලිමිනි කිසිවක් කියා නැත.ඇයට කතා කිරීමට අපහසු බව ආරුඪයෙන් කියා ඇත. එහෙත් කාවින්ද්‍යා හඬ අවදිකොට ඇත.කහවත්ත කොටකෙතන මාර්ගය දිගේ තමාත් මවත් 31 රාත්රියේදී නිවසට පැමිණි තැන සිට ඇය කතාව කියා ඇත.
"කාමරය මැද අම්ම මරල දාල තිබුනා..මම ඇඳුම් මාරු කරමින් සිටියේ.ගෙදර ඇතුලේ ශබ්ධයට මම එතනට ගියා..එතන අසවලුන් සිටියා(නම් කියමින්). ඇයි මාමේ මෙහෙම දෙයක් කලේ කියල ඇහුවා..අම්මාට කල දේ උඹටත් කරනවායි අසවලා කිවා. එයා අත තිබු පිහියෙන් මට ගහන්න හැදුවා..එතකොට මම මාමගේ... යටි බඩට ගැහුවා...එත් එක්කම පිහිපාරක් මගේ උරහිසට වැදුනා.."
ඝාතනයේ පිටතට හෙළි නොවූ තොරතුරු රැසක් ආරූඪයෙන් කියැවෙද්දී මන්ත්‍රීවරයා ඇතුළු නිවසේ සිටි පිරිස නොසන්සුන් වී ඇත.
ඒ සියළුදෙනාගේ තොරතුරු හෙළිවන්නට වීමත් සමඟය. මෙම ඝාතනයට සම්බඳව සැකපිට අදාල දේශපාලනඥයාගේ සොහොයුරාත් සොහොයුරාගේ බිරිඳත් ට්රීරෝද රථ රියදුරෙකුත් අත් අඩංගුවට ගැනීමත් සමඟ පවුලේ ඥාතීන් එක් වී මළගිය ප්‍රාණකරුවන් ගෙන්වීමට කටයුතු යොදා තිබේ.
ඒ ඝාතනයේ හෙලි නොවූ විස්තර දැනගැනීම සඳහා ය. මෙහිදී නොසිතූ ලෙස තොරතුරු හෙළි වී කරකියාගත හැකි දෙයක් නොමැතිව එහි සිටි බොහෝ දෙනක් නැගිට ගොස් තිබේ. ප්‍රාදේශීය සභා මන්ත්‍රීගේ පුතා කප්පම් ගැනීමේ හා හෙරොයින් ලඟ තබා ගැනීමේ වරදට තිහගොඩ පොලීසියේ කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර ඇති බන්ධනාගාර සුහසාධන නිළධාරියා ය. රණාලේ නිවස හිමි ඔහුට ය.
කහවත්තේ ගම්වාසීන් එක්ව සැකකරුවන්ගේ නිවෙස් වලට හා මන්ත්‍රී වරයාගේ නිවසට ගිනිතබද්දී මන්ත්‍රීවරයා ඇතුළු පවුලේ සාමාජිකයන් සියළුදෙනා රණාලේ නිවසේ මලවුන් ගෙන්වීමේ කාර්යයට එක්ව සිට ඇත. පසුදින (8) දා මෙම රණාලේ පිහිටි නිවසට ද කහවත්තේ ගම්වාසීන් පැමිණ පහර දීමට උත්සාහ කර ඇති බවට ද හෙලි වී ඇත.
Source : Gossip9