Monday, March 19, 2012
මං අලූත විවාහ වුණා මනුෂ නානායක්කාර
පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාරගේ දෙවන විවාහය පිළිබඳ තොරතුරු හදිසියේම අද ඔහු විසින් ඉරිදා පුවත්පත් වල, රසඳුන සඳැල්ල හා රිවිරිසි අතිරේකවල ඒ ගැන විස්තර පළවී තිබෙනවා.
කෙසේ වෙතත මනුෂ නානායක්කාර මින් ඉහත ටෙලි නාට්‍ය නිළි රොෂානා ඔන්ඩච්චි සමග විවාහවී සිටි අතර ඔවුනට පාසල් යන 9 හැවිරිදි දියණියකද සිටී.
ආරංචිවල හැටියට ඔවුනගේ විවාහය පිළිබඳ ගැටලූකාරී තත්ව මතුවූයේ 2011 පෙබරවාරි මාසයේය. මෙයට වසරකට පමණ පෙර විවාහය දෙදරා යාමෙන් පසු මනුෂ ශානිකා සමග විවාහ වී තිබෙනවා.
ඇය රත්නපුර ප්‍රදේශයේ ව්‍යාපාර පවුලක දියණියක බවද එංගලන්තයේදි තමාට හමුවූ බවද මනුෂ කියා තිබෙනවා.
අද ලංකාදීප සඳැල්ලට ඔහු පවසන්නේ මේ අලූත්ම විවාහයක් පරිද්දෙනි.
වසර දෙකක ප්‍රේම සම්බන්ධයකින් පසු විවාහ වූ බවද ඔහු කියනවා.
ඔහු ඒ ගැන කියා තිඛෙන්නේ මෙපරිදිය
ඔබේ පුද්ගලික ජීවිතේත් ළගදි වෙනසක් වුණා නේද?
ඔව් ජීවිතේ හැමදාම අලූත් වෙන්න ඕනි’ මමත් තීරණය කළා මගේ ජීවිතේත් අලූත් වෙන්න ඕන වෙනස් වෙන්න ඕන කියලා’ ඒ අනුව මම පසුගිය වසරේදී විවාහ වුණා’ සාමාන්‍යයෙන් අපි වගේ අය විවාහ වුණාම හැමෝම දැනගන්නවනේ’ නමුත් මම තීරණය කළා මගේ විවාහය සරල විදිහට පවත්වන්න’ නමුත් විවාහය කියන්නේ පුද්ගලික කටයුත්තක් නිසා එය ප්රචාරක කටයුත්තක් කරගන්න මම උත්සාහ කළේ නෑ. මම විවාහ වුනේ කලාවට හෝ දේශපාලනයට සම්බන්ධ නැති සාමාන්‍ය ව්‍යාපාරික පවුලක දියණියක සමගිනුයි’ ඇගේ නම ශානිකා අපි කාලයක් හොඳ යාළුවො විදිහට ආශ්‍රය කළා.මීට වසර දෙකකට පමණ පෙරයි ප්‍රේම සම්බන්ධයක් ඇති වුනේ.පසුගිය වසරේ අපි තීරණය කළා විවාහ විය යුතුයි කියලා.