Tuesday, March 20, 2012
ඇන්ටන් ජූඩ් සමුගනී
ජනප්‍රිය ටෙලි නාට්‍ය හා වේදිකා නාට්‍ය ශිල්පියෙකු වන ඇන්ටන් ජූඩ් මහතා ඊයේ රාත්‍රියේ අභාවප්‍රාප්ත වුණ.
නුවර ප්‍රදේශයේ චිත්‍රපටයක රූගත කිරිම් සිදුකර පැමිණෙමින් සිටියදී ඇන්ටන් ජූඩ් මහතා හෘදයාබාධයකට ලක්ව රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඊයේ මධ්‍යම රාත්රියේදී ඔහු මියගොස් ඇතිබව වාර්තා වේ.
වැඩි වශයෙන්ම විකට ජවනිකා දක්ෂ ලෙස රඟපාන්නට සමත් ශිල්පියෙකු ලෙස ප්රකටව සිටි ඇන්ටන් ජූඩ් "අයිෂ් අම්මා ගුණ්ඩු" යෙදුමත් සමග කාගේත් කතා බහට ලක්විය. සබඳ පබිලිස් හා සකිසඳ එළියස් ටෙලි නාට්‍ය ඔහු රඟපැ ටෙලි නාට්‍ය
වේ. සර් ලාස්ට් චාන්ස්, අලි සුරතල් ,රෝස කැලේ, වළාපටල ,උත්තරා මගෝඩිගෝඩයි ,නිලම්බරේ, බහු බූතයෝ හා එතුමයි මෙතුමයි ඔහු රඟපැ චිත්‍රපට වේ.
මෙසේ ටෙලි නාට්‍ය,චිත්‍රපට හා වේදිකා නාට්‍ය රැසක සිය රංගන ප්‍රතිභාව විදහා දැක්වූ ඇන්ටන් ජූඩ් මහතා මියයන විට 50 වැනි වියේ පසු විය.
අවසන් කටයුතු තවම නිශ්චය කර නැත.