Tuesday, March 20, 2012

මධුරී ඩික්සිත් ඉටි රූපයක් වෙලා











මධුරී ඩික්සිත්, කොපමණ බලා සිටියත් එපා නොවන රුවකට හිමිකම් කියන තාරකාවකි. මේ රුව ඉටි රුවක් වුණොත් . . . එදෙස බැලූ කෙනකුට ඇසිපිය ගසන්නට නම් අමතක වෙනවා සිකුරුයි. මැඩම් සූසාඩ්ගේ කෞතුකාගාරයේදී මධුරී ඩික්සිත් පසුගියදා ඉටි රුවක් බවට පත් වූවාය. තමන් ඉටි රුවක් බවට පත්වීම ගැන මධුරී සිටින්නේ පස්වනක් ප්‍රීතියෙන් පිනා ගොසිනි. සූසාඩ්ගේ ඉටි කෞතුකාගාරයට යාමට වරම් ලැබූ හත්වැනි තරුව, මධුරීය. අමිතාබ් බච්චන්, ෂාරුක් ඛාන්, රිතික් රොෂාන්, සල්මන් ඛාන්, ඓශ්වර්යා රායි, කරීනා කපූර් මීට පෙර ඉටි රූ බවට පත් වූ තරුය. ඉටි රුව තැනීම ඇරැඹුණු දිනයේ සිට මධුරී කැමැත්තෙන්ම ඊට හවුල් වූවාය. නිර්මාණකරුවන්ට ඡායාරූප සොයා දුන්නාය. මධුරීගේ සතුට කෙතරම් ඉහ වහා ගොස් ඇත්දැයි කිවහොත් ඇය ඉටි රුවට ඇන්දවීම සඳහා ඇයගේ අලංකාර සාරියක් පවා තිළිණ කළාය. ඉටි රුව නිර්මාණය කිරීමට මාස හතරක් ගත වී ඇති අතර අමෙරිකානු ඩොලර් 150,000 ක් වැය වී තිබේ.






Source : sarasaviya