Friday, March 02, 2012

මධුසමය දා කල මීනිමැරුමේ ඇත්ත හෙලිවෙයී











පසුගියදා කොල්ලූපිටියේ රේණුකා හෝටලයේ කාමරයක් තුළ මරාදමා තිබූ සුදර්ශනී ශකිලා කනකසබේ නමැත්තියගේ මිනීමැරුම පිළිබඳ සියලූ තොරතුරු දැන් පොලිසිය විසින් අනාවරණය කරගෙන තිඛෙනවා’
මෙම මිනීමැරුම සිදු කළ බවට සැක කළේ ඇය සමග විවාහවී මධු සමය සඳහා පැමිණි පුද්ගලයාය’ කොල්ලූපිටියේ පස්වන පටුමගේ පදිංචි ද්‍රවිඩ ජාතික ව්‍යාපාරිකයෙකුවූ බව කියන ඔහු හෝටලයට ලබාදී තිබූ ලිපින ඔස්සේ පරීක්ෂණ සිදු කළ පොලිසිය ඔහුගේ ගමන් බිමන් ගැන සෝදිසියෙන් සිට පුද්ගලික රෝහලක් අසළදී අත්අඩංගුවට ගෙන තිඛෙනවා’
මෙම මිනීමැරුම නිසා පළායන්නට හෝ බොරු කියන්නට උත්සාහ නොකළ මේ පුද්ගලයා තමන් සිදු කළ මනුෂ්‍ය ඝාතනය පිළිබඳ වරද පිළිගෙන සියල්ල පාපොච්චාරණය කර තිඛෙනවා’
කාලයක් තිස්සේ තමා සහ සුදර්ශනී දැන හඳුනාගෙන සිටි බවත් ඇය එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ තමා සමග විවාහ වීම සඳහා බවත් ඔහු කියා තිඛෙනවා. ඉකුත් පෙබරවාරි මස 14 වැනිදා, ඇය ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ඇගේ මවද සමගය. විවාහවීමෙන් පසු සුදර්ශනීගේ මව නැවත එංගලන්තයට ගොස් තිඛෙන අතර ඇය මොහු සමග මධුසමය ගත කිරීමට ඇය කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටලයකට ගොස් තිඛෙනවා’

සුදර්ශනීගේ මුල් විවාහයේ දරුවන් දෙදෙනා අධ්‍යාපන කටයුතුවල නිරතවෙමින් එංගලන්තයේ පදිංචිව සිටින බැවින් ඇගේ වැඩි කැමැත්ත තිබී ඇත්තේ එරටට යාමටය’
හෝටලයේදී ඇතිවූ කතාබහේදී ශ්‍රී ලංකාවේ පදිංචිව සිටීමට සුදර්ශනී දැඩි ලෙස අකැමැත්ත පළ කර තිඛෙන අතර ඇය නැවත එංගලන්තයට යැමට අවශ්‍ය බව දිගින් දිගටම කියමින් කරදර කර තිඛෙනවා’

අත්අඩංගුවට පත් තැනැත්තා ව්‍යාපාර කීපයක් පවත්වාගෙන ගොස් ඇති පුද්ගලයෙකි.
ඔහු තර්ක කර ඇත්තේ තමාට ඒවා දමා වෙන රටකට යාමට නොහැකි බවකි’

බිරිඳගෙන් ගැලවීමක් නොමැති බව දැනගත් සැකකරු ඇය මරා දැමීමට සැලසුම් කර තිඛෙන්නේ අනතුරුවය’ ඒ අනුව ඉකුත් 26 වැනිදා ඔහු සිය බිරිඳ සමග මත්පැන් පානය කර තිඛෙන බවත් අධික ලෙස මත්පැන් පානය කිරීම නිසා සුදර්ශනී නින්දට වැටුණ පසු ඔහු ඇගේ මුහුණ කොට්ටයකින් වසා දමා පිහියකින් ගෙල කපා මරා දමා තිඛෙනවා’

ඇය මිය ගිය පසු ඇගේ සිරුර ඇඳ ඇතිරිල්ලකින් ඔතා දැමූ ඔහු හොර රහසේම පළා ගොස් තිබුණා’

ඉකුත් 26 වැනිදා සිය බිරිඳ මරා දැමූ පසුව ඔහු හෝටලයෙන් පළා ගිය අතර හෝටල් සේවකයන් විසින් මෙම යුවළ නැවතී සිටි කාමරය ඉන් දින දෙකකට පසු ඉකුත් 28 වැනිදා දුගඳක් නිසා පරීක්ෂා කිරීමේදී හෝටල් කාමරයේ මෙම කාන්තාව ඝාතනය කර තිබියදී සොයාගැනීමට හැකි වුණා’ සිරුර සොයා ගන්නා අවස්ථාව වනවිට එය තරමක් විකෘති තත්ත්වයක තිබූ බවද හෙළිවුණා’

විවාහයෙන් පස්සේ එංගලන්තයේ පදිංචියට යමු කියලා සුදර්ශනී නිතරම කරදර කරන්න ගත්තා. මගේ ව්‍යාපාර අතහැරලා දාලා මට ලංකාවෙන් යන්න විදිහක් තිබුණේ නැහැ. සුදර්ශනීගෙන් බේරෙන්නම බැරි තැන මම එයාගෙ මුහුණ කොට්ටයකින් හිර කරලා ඛෙල්ල කපලා මරලා දැම්මා’’’ යයි පොලිසියේදී වරද පිළිගනිමින් ඔහු කියා සිටියා’

මේ අතර ඔහු පිළිබඳ තවදුරටත් පොලිසිය විමසා බැලීමේදී හෙළිව තිඛෙන්නේ ඔහුගේ පළමු විවාහයේ බිරියද දරුවන් සමග අනපේක්ෂිත අනතුරකින් මරු වැළඳලෙන තිබීමය’

මොහුගේ මුල් කසාදයේ බිරිඳ සහ දරුවන් තිදෙනා මරුමුවට පත්ව ඇත්තේ ඔවුන් පදිංචිව සිටි බව කියන ඉන්දියාවේ චෙන්නායිහි නිවසේ තිබූ ගෑස් ටැංකිය හදිසියේම පිපිරී යැම නිසා
බව හෙළි කර ඇති අතර එයත් මේ ආකාරයේ මිනීමැරුමක්දැයි පොලිසිය දැන් සැක කරනවා’













Source : gossiplankanews