Thursday, January 20, 2011

අමිතාබ් ලංකාවේ අයිෆා වර්ජනය කළේ ඇයි?

පසුගිය වසරේ ලංකාවේ අයිෆා උළෙල පැවැත්වීමට පෙර එහි සංවිධාන කටයුතු සඳහා අපේ‍්‍රල් මස මෙහි පැමිණි සුපිරි නළු අමිතාබ් බච්චන් ජුනි මස පැවති අයිෆා උළෙලට නොපැමිණියේය. ඔහුගේ පුත් අභිෂේක් මෙන්ම ලේලිය වූ අයිශ්වර්යාද නොපැමිණි අතර මෙයට හේතු ලෙස බොහෝ මාධ්‍ය වාර්තා කළේ ලංකාවට එරෙහි ද්‍රවිඩ බලවේග ඉන්දියාවේ සිදු කළ උද්ඝොෂණයන්ය.
විශේෂයෙන්ම අමිතාබ්ගේ නිවස ඉදිරිපිටත් ඔවුන් විරෝධතා දැක්වූ අතර පසුව ඔහු පවසා තිබුනේ සෑම පුරවැසියෙකුගේම ප‍්‍රශ්න කෙරෙහි තමාට සංවේදීතාවයක් ඇති බවය.මේ කාලයේම ලංකාවට එරෙහි ද්‍රවිඩ මතයේ දැඩි ලෙස එල්බ සිටි ප‍්‍රබල චිත‍්‍රපට අධ්‍යක්ෂ මනිරත්නම්ගේ රාවන් චිත‍්‍රපටය කල එළි දැක්වූ අතර එහි ප‍්‍රධාන චරිත ඉදිරිපත් කිරීමට අබිෂේක් හා අයිශ්වර්යා සම්බන්ධව සිටීමත් අමිතාබ්ගේ පසුබෑමට තවත් හේතුවක් විය.
අවසානයේ අමිතාබ් ෂාරුක් ඇතුළු ප‍්‍රබල බොලිවුඞ් තාරකා රැුසක් මෙම උළෙල වර්ජනය කළහ.
ට්විටර් වැකියකින් අලූත් කතාවක්
කෙසේ වෙතත් ඊයේත් අදත් ඉන්දියානු වෙබ් අඩවි සහ මාධ්‍ය වාර්තා රැුසක් පෙන්වාදී තිබෙන්නේ, අමිතාබ් පසුගිය වසරේ ලංකාවට නොපැමිණියේ අයිෆා සංවිධායකයින් ඔහුගේ සේවය තවදුරටත් අවශ්‍ය නැතැයි දන්වා ඔහුව බැහැර කළ නිසා බවය.

නමුත් එහි සත්‍යතාවය එතරම් පැහැදිලි නැත.එයට හේතුව එම ප‍්‍රකාශය ලබාගෙන තිබෙන්නේ අමිතාබ් බච්චන් පුද්ගලික තොරතුරු බෙදාගැනීම පිණිස පවත්වා යන ට්විටර් වෙබ් පිටුවේ පැනයකට පිළිතුරු ලෙස ලියන එක් වාක්‍යයකින් වීමය.

'Its not me .. its the organizers of IIFA that do not want me in Toronto.. SriLanka was the same .. ''
ඔහුව ටොරොන්ටොවේ පැවැත්වෙන ඊළඟ අයිෆා උළෙලෙන් හමුවිය හැකිදැයි රසිකයෙකු අසන පැනයට ඔහු පිළිතුරු දෙන්නේ, තමා සංවිධායකයින් විසින් ප‍්‍රතික්ෂේප කළ නිසා එහි නොයන බවත් ලංකාවට නොගියේත් එනිසා බවත්ය.
අයිෆා සංවිධායකයින් ඔහුව ප‍්‍රතික්ෂේප කරතිබියදී එහි සංවිධාන කටයුතුවලට පසුගිය වසරේ ඔහු පැමිණියේ කෙසේද යන්න මේ අනුව මතුවන ගැටලූවයි.


අමිතාබ් ලංකාවට පැමිණි අවස්ථාවේ ඡායාරූප මෙතැනින්











  අමිතාබ් ලංකාවට පැමිණි අවස්ථාවේ වීඩියෝ මෙතැනින්