Tuesday, January 18, 2011

කොටි සෙබළියන් වෛද්‍ය විද්‍යාලයට

 මිනිසුන්මරාගෙන මැරුණ කොටි සෙබළියන් ගැන අපට කලකට පෙර නිතර අසන්නට ලැබුණා.

නමුත් යුද්ධයෙන් පසු සමාජ විරොධී වැඩ අත්හැර තිබෙන ඔවුන් වෛද්‍ය ශිෂ්‍යාවන් බවට පත්වන්නට තරම් දැනුමක් හා කුසලතාවයක් පෙන්නුම් කරාවි යයි ඔබට විශ්වාස කළ හැකිද?
මෙවර අපොස උසස්පෙළ විභාග ප‍්‍රතිඵල වලින් වෛද්‍ය විද්‍යාල වරම් හිමිකරගන්නට පැරණි කොටි සෙබළියන් දෙදෙනෙකු සමත් වෙලා.
වවුනියාව හා යාපනය කඳවුරුවල රැඳී සිටිමින් පුනරුත්ථාපනය වෙමින් සිටි හිටපු කොටි සෙබළියන් දෙදෙනෙකු මෙම දස්කම පෙන්වා තිබෙනවා.
ඔවුන් පමණක් නෙමෙයි උසස් පෙළ ලියූ අනෙක් කොටි සාමාජිකයින්ගේ ප‍්‍රතිඵලත් ඉතා ඉහළයි.
මෙවර උසස් පෙළ සඳහා කොටි තරුණ තරුණියන් 374 දෙනෙකු පෙනී සිටි බවත් ඉන් 270 ක්ම සමත් වූ බවත් වාර්තා වන අතර 44 ක්ම විශ්ව විද්‍යාල වරම් ලබා ඇති බවද වාර්තා වනවා.
යුද පරිසරයක් තුළ අධ්‍යාපනය හරිහැටි කරගන්නට නොහැකි වාතාවරණයක් තුළ මෙවන් ප‍්‍රතිඵල ඔවුන් අත්පත් කරගැනීම ඇත්තෙන්ම අගය කළ යුතුය.
වැරදි පාරෙන් ගොස් තාවකාලිකව ජයගන්නවට වඩා හරි පාරෙන් ජීවිතය වැඩි දුරක් යා හැකි බව ඔවුන් මෙම ප‍්‍රතිඵල වලින් පසක් කර තිබෙනවා.