නැගෙනහිර ගංවතුර බැස යන අතරේ ඊයේ මාධ්‍ය සාකච්චාවක් කැඳවූ ජවිපෙ මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක රජය ගංවතුර හානිය විශාල යයි බොරු මවාපෑමක් කරන බවත් එමගින් ඉදිරියේදී රටේ ඇතිවන ආර්ථික ගැටලූ සාධාරණය කරන්නට පොටක් පාදාගනිමින් සිටින බවත් චෝදනා කළේය.
ආණ්ඩුවේ බොරු විනාශ වුනේ කුඹුරු ලක්ෂ 4 නෙමේ 1යි
කැඩුනේ වැව් 200 නෙමේ 2යි
ඔහු පෙන්වාදුන්නේ රජය පවසන පරිදි කුඹුරු විනාශවූයේ අක්කර ලක්ෂ 4 ක් නොව 1කි. වෙනත් බෝග ලක්ෂ දෙකහමාරක් විනාශ වුණ බව කීවත් රටේ සම්පූර්ණ වගා කර ඇති වෙනත් බෝග ඇත්තේ හෙක්ටයාර එක්ලක්ෂ තිස්පන්දාහක් පමණි. වැව් 200 ක් කැඞී ඇති බව කීවත් ඇත්තටම කැඞී ඇත්තේ වැව් 2 ක් පමණි.
හානි වූ වගාවන්ට කෘෂි රක්ෂණ මණ්ඩලයෙන් වන්දි දෙන බව රජය කිව්වත් පාඩු පිට පාඩු ලබන එම ආයතනයෙන් ගොවීන්ට සහනයක් දෙන්නේ කෙසේදැයි ඔහු ප‍්‍රශ්න කළේය.බොර දියේ මාළු බාන්න එපා
මේ අතර මර්වින් සිල්වා අද උදෑසන කැලණියේ ගංවතුර ආධාර වැඩසටහනකදී අනුරගේ කතාවට පිළිතුරු දුන්නේය.
මේ අනුර කුමාරල දයාසිරි ජයසේකරල මොනවද මේ කියන්නෙ..මේ අවස්ථාවේ බොරදියේ මාළු බාන්න සමහරු හදනවා.මේ ගොල්ලො මේ රටේ තිබෙන සුපිරි ප‍්‍රජාතන්ත‍්‍රවාදය හින්ද කටකැඩිච්ච කතා කියනව.ඉතිහාසෙදි මේ වගේ වෙලාවල්වල තිබුණ රජයන් කටයුතු කළේ කොහොමද කියල දන්නෙ නැත්නම් වැඩිහිටියෙක් ගාවට .ගිහින් අහගන්න.. නැත්නම් මට කියල දෙන්නත් පුළුවන්..