Monday, January 17, 2011

යාපනයට කෙටි මඟක්

යාපනයට -110 km ඉතිරියක්


ඊයේ(16) ජනපති අතින් විවෘතවූ නව සංගුපිට්ටි පාලම නිසා වටයක් ගසා යායුතු යාපන ගමනට ‘ෂෝට් කට් එකක්’ ලැබී ඇත. ඒ මෙම සිතියමේ දැක්වෙන පරිදි ඒ 9 වෙනුවට ඒ 32 මාර්ගය භාවිතා කර මන්නාරම යාපන පාරෙන් උතුරට ඇතුළුවීමට ඉඩකඩ ලැබීමෙනි.
මේ හේතුවෙන් කිලෝමීටර 110 ක් නැතිනම් පැය තුනක පමණ ඉතිරියක් ඉදිරියේදී යාපන ගමනින් ඉතුරු වනු ඇත.
මෙම පාලම මින් ඉහත කාලයේත් ජනතාව පරිහරණය කරමින් තිබුණ එකකි.නමුත් යුද කාලයේ එල්ටීටීය මෙය විනාශ කිරීම නිසා අලිමංකඩ හරහා මාර්ගයෙන් පමණක් උතුරු කොටසට ඇතුළුවීමට සිදුවිය.
නව සංගුපිට්ටි පාලම වසරක් වැනි කෙටි කාලයක් තුළ උතුරු වසන්තයේ ව්‍යාපෘතියක් ලෙස නිම කරන ලද අතර ඒ සඳහා රුපියල් කෝටි 103 පමණ වැය විය.
ඉදිරියේදී කොළඹින් යාපනයට යන්නෙකුට පුත්තලම මන්නාරම හරහා මෙම පාලමින් යාපනයට යාහැකි වනු ඇත.