Thursday, January 20, 2011

කොළඹ හිඟන්නන්ට රැකියා

කොළඹ සිටින යාචකයින් පුනරුත්ථාපනය කිරීමට රජය සැරසේ. මේ යටතේ
ඔවුන් කුඩා ව්‍යාපාර, ස්වයං රැුකියා හා පිරිසිදු කිරීමේ රැුකියාවලට යොමු කිරීමේ වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීමට යෝජිතය. යාචක පවුල්වල දරුවන් සිටී නම් පෙර පාසැල් සහ පාසැල් වෙත යොමු කිරීමටද නියමිතය.
මෙම වැඩපිළිවෙල සමාජ ආරක්ෂණ, සමාජ සේවා හා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශ එක්ව ක‍්‍රියාත්මක කරන අතර මුලින්ම කොළඹ නගරයේ සිටින යාචකයින් හඳුනා ගැනීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.
යාචකයින් පුනරුත්ථාපනය කරන රැුකවරණ රැුඳවුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමටද කටයුතු කෙරේ.
2004 කෙරුණ අවසන් ගණනය අනුව කොළඹ නගරයේ යාචකයින් 1300 කට අධික පිරිසක් වූ බව සමාජ සේවා අමාත්‍යාංශය දක්වයි.