ගාලූ මුවදොර භූමියේ හෝටල් දෙකක් හා අලූත් මැජෙස්ටික් සිටි එකක්
කොළඹ ගාලූ මුවදොර හිස් භූමිය තව ටික කලකින් හෝටල් හා සාප්පු සංකීර්ණ වලින් වසා ගන්නා තත්වයක් දැන් උදාවී තිබේ.
පෙරේදා කැබිනට් රැස්වීමේදි මෙහි ඉදිකරන්නට යන දෙවන හෝටලයටත් අනුමැතිය ලැබිණි.
කැටික් නමැති චීන සමාගම මෙම නව ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 500 ක් වැය කරන බව යෝජනාව ඉදිරිපත් කළ ආර්ථික සංවර්ධන ඇමතිවරයා දන්වා සිටියේය.
එයට අනුව තරු පහේ ස්කයි ලයින් හෝටලය සහ රේන්බෝ සාප්පු සංකීර්ණයක් (මැජස්ටික් සිටි වැනි) ගාලූ මුවදොර භූමියේ ඉදිකරන්නට නියමිතය.
මින් ඉහත හොංකොංහි ශංග්රිලා සමාගම මෙම ස්ථානයේ කොටසක් මිලට ගත් අතර එයද කාමර 500 ක ලක්ෂරි නිවාස හා හෝටල සංකීර්ණයකි.ඩොලර් මිලියන 500 ක තවත් ව්‍යාපෘතියක් වූ එය 2013දී නිම කරන්නට නියමිතය.
2016 වන විට ලංකාවට මිලියන දෙකහමාරක සංචාරකයින් අද්දවාගැනීම මෙම ව්‍යාපෘති වල අරමුණ බව රජය පවසයි.