ගුරුවරියකගේ මගුලට පාසල වසයි
ගිනිගත්හේනේ පාසලකට අද උදේ ගිය ළමුන් සියල්ලන්ට ආපසු හැරී එන්නට සිදු විය. මෙයට හේතුවී ඇත්තේ ටීචර් කෙනෙකු විවාහ වීමත් විදුහල්පති ඇතුළු සියලූ ගුරුවරුන් පාසල වසා දමා එම මංගල්‍යයට ගොස් සිටීමත්ය.
කාර්යාලයේ එකට වැඩකරන ගුරුවරියකගේ ආරාධනය සාධාරණය. සහභාගීත්වයත් අවශ්‍යය.නමුත් පාසල වසා දමා එය කළ හැකිද?
මේ පිළිබඳ පාසල් සිසුනගේ දෙමාපියන් දැක්වූ නොසතුට අද හැටන් කලාපය පුරාම කතාබහට ලක්වුණා. විදුහල්පතිවරයා මේ ගැන කියා ඇත්තේ කලාප අතිරේක අධ්යක්ෂවරයා පාසල වැසීමට අනුමැතිය දුන් බවකි.නමුත් මධ්‍යම පළාත් මහ ඇමතිවරයා කියන්නේ පුද්ගලික කාරණාවකට පාසලක් වසාදැමීමට කිසිවෙකුට බලතල නැති බවය.
මේ සිද්ධිය වාර්තා වුනේ ගිනිගත්හේන නවෝද්‍යා මධ්‍ය මහා විද්‍යාලයෙනි.