මෙවර ලෝක කුසලානයට ලංකාවේ තරඟ තියන්නේ පල්ලෙකැලේ සූරියවැව සහ ඛෙත්තාරාමයේය. ඛෙත්තාරාමය හැර අනෙක් දෙකම අලූත්ය.තිබෙන්නේ කැලෑවල් අසලය. නමුත් කොළඹ ජනාකීර්ණ මාලිගාවත්ත දෙමටගොඩට යාබද මුඩුක්කු සහ ජරාජීර්ණ මහල් නිවාස වටකරගත් ඛෙත්තාරාමයේ පිහිටි ආර්.පේ‍්‍රමදාස පිටිය වෙත පිවිසෙන කෙනෙකුට අවට පවතින අශෝභන ගොඩනැගිලි දකින්නට ලැබෙන අතර ක්‍රිකට් විස්තර විකාශයක් සිදු කෙරෙන්නේ නම් කැමරාව එහේ මෙහේ යවන විට නිතැතින්ම අසුන්දර අපිරිසිඳු ලංකාවක්ය යන හැඟීම ඇතිවනු වැළැක්විය නොහැකිය.
මේ කැත වහන්නට ජනපති උපදෙස් දුන්නේ විමල් වීරවංශ ඉදිකිරීම් ඇමතිවරයාටය.ඔහු ඊයෙ පෙරේදා සිය පිරිස සමඟ ආර්.පේ‍්‍රමදාස පිටිය අවට පරීක්ෂාවට ලක්කර රෙපයාර් වැඩ ටික සහ පේන්ට් වැඩ ටික කවරක්දැයි සොයා බැලූ හැටි ඡුායාරූපයේ දැක්වේ.
චී චී කැතයි මේව පිටරට උන් දැක්කොත් ලංකාව ගැන මොනව හිතාවිද...
අවට මහල් නිවාසවල අයට නොමිලේ පේන්ට් පාරක් දැන් ලැබී ඇත..