Wednesday, March 16, 2011

ජපානයේ කාන්දු වූ විකිරණ ලංකාවට?

ආසියාවට බලපෑමක් ඇතිවිය හැකි වුනත් ලංකාවට දැනට බලපෑමක් නෑ

ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ සිව්වන කොටසත් පුපුරා යාම සමග එහි බලපෑම ආසියානු රටවලටද බලපෑ හැකි බව වාර්තා වේ.

නමුත් මෙම විකිරණ වායුගෝලයට එක් වීමෙන් අන්තර්ජාතික සුළං රටා අනුව ජපානයේ සිට පැසිෆික් සාගරය හරහා හමායන සුළං ධාරා ශ‍්‍රී ලංකාව කරා ඉතාම අඩු ප‍්‍රවේගයකින් ගමන් කරන නිසාල(මාස තුනක් පමණ) ඒවා ශ්‍රී ලංකාව කරා ළඟාවීමට ඇත්තේ ඉතාම අඩු ඉඩ කඩක් බව පරමාණුක ශක්ති අධිකාරියේ සභාපතිල මහාචාර්ය අබේවික‍්‍රම මහතා විසින් අද (15) ප‍්‍රකාශ කොට සිටියා.


15/03/1
12:27am
ජපානයේ සුනාමියෙන් පසු ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ ඇති වූ විකිරණ කාන්දුව ආසියානු රටවලට බලපාන බවත් ඒ සඳහා වැලකි සිටීමට පැය 24 ක් නිවස තුල රැඳී සිටීමට හා වර්ෂාවක් පතිතවුවහොත් ඉන් ආරක්ෂා වන ලෙසත් අසත්‍ය ප්‍රචාරයක් කෙටි පණිවුඩ හා අන්තර්ජාලය ඔස්සේ පැතිරෙමින් පවතීග

මෙම පණිවිඩය BBC පුවත් සේවය තුලින් උපුටා ගත්තක් මෙන් පෙන්වීමටද උත්සහ දරා ඇතගඑවැනි කිසිම පුවතක් BBC හි පල නොවී ඇති අතර ජපානයේ සිදු වූ විකිරණ කාන්දුවෙන් ආසියානු රටවලට කිසිදු බලපෑමක් නොමැති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.