Wednesday, May 11, 2011

දරුවාගේ ජංගම දුරකතනයේ වූ අසභ්‍ය දසුන් පියාට මරු කැඳවයි

පාසල් දරුවකුගේ ජංගම දුරකථනයක තිබී අසභ්‍ය දර්ශන කිහිපයක් හමුවීමෙන් සිත් තැවුලට පත් පියෙකු වෙඩි තබාගෙන සිය දිවි හානිකර ගැනීමේ සිද්ධියක් ගොකරැල්ල පොලිසියෙන් වාර්තා වේ.

මෙසේ සියදිවි හානිකරගෙන ඇත්තේ ගොකරැල්ල, ජනපාගම පදිංචි 43 හැවිදිරි ජේ. ඒ. සුගතපාල නැමති තිදරු පියෙකි.

සියදිවි හානිකරගත් අයගේ දරුවකු ගොකරැල්ල ප‍්‍රදේශයේ පාසලක අධ්‍යාපනය ලබමින් සිටින බවත්.එම දරුවා සතුව තිබූ ජංගම දුරකථනයක් අදාළ පාසලේ විදුහල්පතිවරයාට හසුවී තිබේ.

පසුව විදුහල්පතිවරයා එය පරික්‍ෂා කිරීමේදි එහි තිබී අසභ්‍ය දර්ශන ඇතුළත් චිත‍්‍රපට කිහිපයක් හමුවී ඇත.

විදුහල්පතිවරයා දරුවගේ දෙමාපියන් පාසලට කැඳවා එම දරුවාගේ මව්පියන් ඉදිරියේදීම එම දර්ශන මව්පියන්ට පෙන්වා ඇති බවත්, පසුව නැවත නිවසට පැමිණි පියා නිවස තුළදීම ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබේ.