Thursday, May 12, 2011

පළමු ශ්‍රේණියට සිසුන් අතුලත් නව කරන චක්‍රලේඛ්නය අද

2012 වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් අතුළත් කරගැනීම සඳහා වන චක‍්‍රලේඛය අද දහවල් නිකුත් කිරීමට නියමිතව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත පේ‍්‍රමතිලක මහතා පවසයි.

නව චක‍්‍රලේඛයට අනුව පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීමේ දී අනුගමනය කරන ක‍්‍රියාමාර්ගයන් ස්ථාවරව පවත්වාගෙන යෑමට අපේක්ෂා කරන බව ද ඒ මහතා සඳහන් කරයි. අදාල චක‍්‍රලේඛය උල්ලංඝනය කරමින් පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීමේ දී අයථා අන්දමින් මුදල් අයකරන විදුහල්පතිවරුන්ට එරෙහිව දැඩි පියවර අනුගමනය කරන බවද හේමන්ත පේ‍්‍රමතිලක මහතා අවධාරණය කරයි.