Thursday, May 12, 2011

SLPL ලබන ජුලි මසයේ

රටරටවල් අතර ක‍්‍රිකට් ගැහුවේ ඉස්සරය.දැන් හොඳ හොඳ ක‍්‍රීඩකයින් ලෝකයේ තැන් තැන්වලින් තෝරාගෙන ඔවුන් වෙන්දේසි කර ක‍්‍රිකට් ව්‍යාපාර කරන කාලයයි. අයි.පී.එල්. එවැන්නකි.
ලංකාවෙනුත් අයිපීඑල් වෙනුවට එස්.එල්.පී.එල් ලබන ජුලි මසදී අරඹන්නට නියමිතය.

ඉන්දියාවේ ප‍්‍රාන්ත අතර පවත්වනු ලබන ක‍්‍රිකට් ප‍්‍රිමියර් ලීග් තරගාවලියට සමාන එස්.එල්.පී.එල් නම් අලූත්ම තරගාවලිය පවත්වන්නට යන්නේ රුහුණ කඳුරට ඌව වයඹ උතුර නැගෙනහිර හා බස්නාහිර නියෝජනය කරන කණ්ඩායම් 7 කිනි. සියලූ තරග ආර් පේ‍්‍රමදාස පිටියේ පවත්වන්නට නියමිත අතර ජුලි මස අග සිට දින 18 ක් තරගාවලිය පවත්වනු ඇත.මෙම තරගාවලිය ලංකාවේදී සංවිධානය කරනු ලබන්නේ සමර්සෙට් එන්ටර්ටේන්ට්මන්ට් වෙන්චර්ස් නම් සමාගමයි. මෙම තරගාවලිය නියෝජනය කරන කණ්ඩායම් නායකයින් දැනටමත් නම් කර තිබේ.ඒ අනුව නම් කර ඇති නායකයින් මෙසේය.

      * රුහුණ රයිනොස් -සනත් ජයසූරිය
    * බස්නාහිර බියර්ස් -ටී එම් ඩිල්ෂාන්
    * කඳුරට කයිට්ස් -කුමාර් සංගක්කාර
    * ඌව යුනිකෝන්ස් -චමින්ද වාස්
    * වයඹ වොල්ව්ස් - මහේල ජයවර්ධන
    * උතුර  ඔරෙක්සස් - ඩැනියෙල් විටෝරි
    * නැගෙනහිර නාගර්ස් -සහිඞ් අෆ්රිඩි

ඔවුන් යොදා නිර්මාණය කරන ලද ලෝගෝවන් බලන්න