Thursday, June 09, 2011

මීනී පෙට්ටි විරෝධයට විශ්ව විද්‍යාල සිසුවියන් 20 කගේ පන්ති තහනම්

රොෂෙන් චානක වෙනුවෙන්
මිනී පෙට්ටි විරෝධයට
සිසුවියන් 20 කගේ පන්ති තහනම්


විශ්ව විද්‍යාලය ඇතුලේ කලබල නිසා පංති තහනම් කෙරෙන්නේ විශාල කලබලයක් වුනොත්ය. බොහෝ විට පිරිමි සිසුන් මේ අවදානමට ලක්වේ. නමුත් ජපුර සරසවියෙන් වෙනස් ආකාරයේ අලූත්ම පංති තහනමක් වාර්තා වෙනවා.

මේ රොෂෙන් චානක වෙනුවෙන් මිනි පෙට්ටියක් ගෙනවිත් දැක්වූ විරෝධතාවක් නිසාය. තහනමට ලක්ව ඇත්තේ සිසුන් නොව සිසුවියන්ය.
විශ්ව විද්‍යාලය තුළට මිනීපෙට්ටියක් රැගෙන විත් කලහකාරී ලෙස හැසිරුනේ යයි දක්වා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුවියන් 20 දෙනෙකුගේ පන්ති තහනම් කරන්නට එම විශ්ව විද්‍යාලයීය පරිපාලනය පෙරේදා කටයුතු කර තිබෙනවා. මෙම සිසුවියන් පළමු වසරේ අය බවද වාර්තාවනවා. මෙයට අමතරව නවකවදය දුන්නේ යයි කියමින් තවත් පිරිසකගේද පංති තහනම් කර තිබෙනවා.

නායකත්ව පුහුණුව අරඹමින් එස් බී ඇමතිවරයා කිව්වේ කිසිදු ආකාරයක නවකවදයක් මින්මතු සරසවි තුළ සිදු වන්නට ඉඩ නොතබන බවයි.