Thursday, June 09, 2011

ගාල්ලේ පාවෙන වෙළෙඳසැල්

පාවෙන වෙළෙඳසල් ක‍්‍රමය ලංකාවට අලූත්ය. සංචාරක කර්මාන්තය යහමින් කෙරෙන තායිලන්තය වැනි රටවල විදේශිකයින් ආකර්ෂණය කරගැනීමට පාවෙන වෙළෙඳ සල් ක‍්‍රියාත්මකවේ. මෙහිදී ඇලේ පාවෙන ඔරු බෝට්ටු මත වෙළෙන්දන් සිය අලෙවි සල් පවත්වා යන අතර පාරිභෝගිකයින්ද බෝට්ටු මගින් ගොස් හෝ ඇල අයිනේ සිට බඩු මිලට ගත යුතුය.
දැන් ගාල්ලටත් පාවෙන වෙළෙඳසල් ඇති කරන්නට යයි
ඊයේ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන කිව්වේ ගාල්ල බස් නැවතුම ඉදිකිරීමේදී ඉවත්කරන පදික වෙළෙඳසැල් හිමියන්ට විකල්ප ස්ථානයක් ලෙස කැපූ ඇළ මත පාවෙන වෙළෙඳසැල් ආරම්භ කිරීමට අවසර ලැබෙන බවයි.
මැති සබයේදී ඔහු මේ ගැන ප‍්‍රකාශ කළ විට අනුර කුමාර මන්ත‍්‍රීවරයා අසා ඇත්තේ දැන් බඩු මිලට ගන්න බෝට්ටු සේවයකුත් අරඹනවාද? යන්නයි. එයට පිළිතුරු දෙමින් නි.ඇමතිවරයා කියා ඇත්තේ පාලම යටින් ගොස් බඩු මිලට ගන්නට හැකි බවයි.