Friday, June 10, 2011

අපි කුඩු කාරයෝ නොවෙයි. දුමින්ද සිල්වා කියයි.

අපිව පේන්නේ කුඩු කාරයො මංකොල්ලනකාරයො විදිහටද
පොලූ ගෙනාවෙ බැනර් අලවන්න
සරත් මාත් එක්ක පුලූවන් නම්
හිරේ ඉඳන් හැප්පෙන්න -දුමින්ද සිල්වා

ඊයේ කොළඹ පැවැත්වූ උද්ඝෝෂණයකදී කතාවක් පැවැත්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා තමන් කුඩු කාරයෙක් යයි වැරදි අදහසක් තිබෙන බවත් තමාට මැර පිරිස් නැති බවත් ප‍්‍රකාශ කළ අතර සරත් ෆොන්සේකා කර තිබූ අභියෝගයකටද පිළිතුරු දුන්නේය.
ඔහු කිවු දේ මෙසේය

‘මේ රටේ පැල්පතේ ජිවත්වන ජනතාව මේ පාරට බැහැලා රජය ශක්තිමත් කරන්න මේ රට බේරලා දීපු නායකයා වෙනුවෙන් අපි ඉදිරිපත් වෙනකොට අද ඒ අයව පේන්නේ කුඩු කාරයෝයි, ගංජා කාරයොයි, මංකොල්ලකාරයො විදියට
පොලූ ටිකක් අරගෙන මාධ්‍යට පිංතූර දැම්මා කියලා ඒකට අපිව වට්ටන්න හම්බවෙන්නෙ නැහැ.
පොලූ ගෙනාවෙ බැනර් අලවන්න. අපිට ගහන්න ආවනම් ගහනවා.
අද සරත් ෆොන්සේකා වගේ දූෂිතයෙක් කොහෙවත් නැ. ඊයේ පෙරේදා කියනවා මේ අපිත් එක්ක හැප්පෙන්න එන්න  ඕන කියලා.
එයාට හැප්පෙන්න  ඕනනම්  ඕන විදියකට හැප්පෙන්න ලෑස්තියි මමත් එයත් එක්ක. හැබැයි එයා තාම ඇතුලේ. ඇතුලෙ ඉන්න එකාට පුළුවන්ද මේ එළියට ඇවිල්ලා මගෙත් එක්ක හැපෙන්න. එයාට  ඕන්නම් හැප්පෙන්න එන්න.
අපිත් ලෑස්තියි හැප්පෙන්න.ජන රැල්ලෙන් හැප්පෙන්නෙ’