Friday, June 10, 2011

සනත් යළි පිටියට

එංගලන්තයේදී ඉදිරියට පැවැත්වෙන 20-20 හා එක්දින තරග සඳහා ශ‍්‍රී ලංකා පිළේ හිටපු සුපිරි ක‍්‍රීඩක සනත් ජයසූරියගේ නම ක‍්‍රීඩක ලැයිස්තුවට ඇතුළත් කර තිබෙන බවට නිල නොවන ආරංචි හෙළි කරනවා. අද දහවල් ඇමතිවරයාගේ අනුමැතිය ලද පසු මෙම ලැයිස්තුව ප‍්‍රකාශයට පත්කරන්නට නියමිතව තිබෙනවා.
තහනම් උත්තේජක චෝදනාව විභාගවී අවසන් වනතුරු උපුල් තරංග ඉවත්ව තබන්නට ක‍්‍රිකට් පාලනාධිකාරිය පියවර ගෙන තිබෙන නිසා ආරම්භක පිතිකරුවාගේ ස්ථානයට සනත්ව යොමු කරනු ඇතැයිද වාර්තා වනවා.
පසුගිය ලෝක කුසලානයට පෙර සමයේ දිගින් දිගටම අසාර්ථකවීම නිසා සනත්ව ජාතික ක‍්‍රිකට් තරගවලින් ඉවත්ව තැබූ නමුත් ලෝක කුසලාන පරාජයෙන් පසු ඇතැම් අය කියා සිටියේ සනත් සිටියා නම් වෙනසක් කරන්නට ඉඩ තිබුණ බවකි.