ආසනික් යෙදූ කෘෂි නාශක සහ කෘමි නාශක බහුල ලෙස රජරට කුඹුරුවල හා හේන්වල පාවිච්චි කෙරෙන බවත් එමගින් ආසනික් විෂ ආහාර භෝගවලට උරා ගන්නා බවත් පෙර කී සරසවි දෙකේ විද්‍යාර්ථයින් විසින් හෙළි කර ගනු ලැබ ඇත. බහුජාතික සමාගම්වල වාසනාවට පහළ වූ කුඩමැට්‌ටල තුනැස්‌සල තුන්හිරියාල ගිරාපලා යනාදී වල් පැළ සමූහයකුත් ගොයම් මැස්‌සන් සමූහයකුත් ලංකාවේ ඇත. මේ පැළ සහ සතුන් මර්දනය කිරීම සඳහා කෙළවරක් නැති නම්වලින් වෙළෙඳපොළට එන කෘෂි සහ කෘමිනාශක සමූහයකුත් ලංකාවේ ඇත. මේවා බොන්නට හිතෙන අන්දමේ පිරියක් ඇති වන පරිදි රූපවාහිනි නාලිකා මගින් ප්‍රචාරය කරන ආකාරය අපි දැක ඇත්තෙමු. අසා ඇත්තෙමු. සිංහල ගොවිතැන් ක්‍රමයට අනුව මෙයට වසර 100 කට පෙර රසායනික ද්‍රව්‍ය මගින් වල්පැළ හෝ කෘමීන් නැසීමක් තිබුණේ නැත. එකල ගොවීහු විවිධ කෙම් ක්‍රම සහ වෙනත් සාම්ප්‍රදායික ක්‍රම පාවිච්චි කළහ. මඩු කෙටීම (මඩු ගසක මල් වංගෙඩියක දමා කුඹුර අසල තබා කෙටූ විට එමගින් හට ගන්නා දුඟදට කෘමීහු පලා යති) දළුක් ගැසීම )දළුක් කිරි කූඹුරට ගසා කෘමීන් පලවා හැරීම( දුම්මල ගාන ලද කුල්ලකින් ලියෑද්දේ සිටින කෘමීන් අල්ලා ගැනීම යනාදිය ඒවායින් ඉතා ස්‌වල්පයකි. අද වන විට විවිධ රසායනික ද්‍රව්‍ය සමඟ හැප්පී කෘමියා ශක්‌තිමත්ව සිටින නිසා මේ ක්‍රමවලින් ප්‍රයෝජනයක් නැත.
අද මඩු කෙටීමට කුඹුරට යන ගොවියා පලවා හැර වංගෙඩිය සහ මෝල්ගස අහසින් ගෙන යැමට තරම් කෘමියා දක්‍ෂ ය. ඒ සමඟම කෘෂි නාශක සමඟ හොඳට හැප්පී සිටින වල්පැළ කොතරම් ශක්‌තිමත් ද යත් අනාගතයේදී ඒවායින් ලී බඩු පවා හැදීමට හැකි වනවා ඇත. තත්ත්වය මෙසේ තිබියදී බහුජාතික ව්‍යාපාරිකයෝ දවසින් දවස ස්‌වකීය කෘෂි නාශක සහ කෘමි නාශකවල විස සහිත රසායනික සංයුතිය ඉහළ නංවයි. එවිට ගොවීහු ඒවාට පුරුදු වෙති. එවිට යළිත් වරක් විස ප්‍රතිශතය ඉහළ නැංවේ. විස යනු ඇඟට ටික ටික පුරුදු කළ විට දරාගත හැකි දෙයකි. උදාහරණයන් මෙසේ ය. රුසියාවේ අවසන් සාර් රජ පවුල තුළ රිංගාගෙන එම පවුලේ සියලු කාන්තාවන් අපහරණය කළා වූ ග්‍රෙගරි රස්‌පුටින් නමැති පූජකයා ටිකෙන් ටික වස කෑමට පුරුදුව සිටි කෙනෙකි. පසු කාලයෙදී ඔහු මැරීමට කුමන්ත්‍රණය කළ රුසියන් කුමාරවරු පිරිසක් මිනිසුන් දස දෙනකු මැරිය හැකි තරම් පොටෑසියම් සයනයිඩ් ප්‍රමාණයක් කෙක්‌වලට දමා ඔහුට කන්නට දුන්නේ ය. වස කෑමට පුරුදුව සිටි රස්‌පුටින් එම කේක් කා මළේ නැත. ඔහු මැරීම සඳහා පපුවට වෙඩි තැබීමට සිදු විය.
සාමාන්‍යයෙන් පිළිගන්නා වෛද්‍ය ප්‍රමිතීන්ට අනුව මිනිස් වකුගඩු කට්‌ටලයකට දැරිය හැකි ආසනික් ප්‍රමාණය කිලෝවකට මයික්‍රෝ ග්‍රෑම් 20 කි. මිලි ග්‍රෑම් එකකට මයික්‍රෝ ග්‍රෑම් 1000 ක් තිබේ. ග්‍රෑම් එකකට මිලි ග්‍රෑම් 1000 ක් තිබේ. වකුගඩුවකට දැරිය හැකි ආසනික් ප්‍රමාණය කොතරම් කුඩා ද යන්න දැන් ඔබට වැටහෙනවා ඇත. රජරට ජනයාගේ වකුගඩු කට්‌ටලයක ආසනික් මයික්‍රෝ ග්‍රෑම් 300 ත් 400 ත් අතර ඇති බව සොයාගෙන ඇත. මේ සියල්ල එන්නේ කෘෂි හා කෘමි නාශක හරහා යග මේවා ලංකාවට ගෙන්වන්නේ ඇමරිකාවල බ්‍රිතාන්‍යයල ජර්මනියල ස්‌විට්‌සර්ලන්තය යන රටවලිනි. වසර 2001 ජුනි 26 වැනිදා නිකුත් කෙරුණු ගැසට් පත්‍රයට අනුව ආසනික් හෝ ආසනික් සංයෝග සහිත කෘෂි හා කෘමි නාශක ලංකාවට ගෙන්වීමල බෙදාහැරීම, විකිණීම, පාවිච්චි කිරීම තහනම් ය. එසේ නම් බහුජාතික සමාගම් සූදානම් වන්නේ හිතාමතාම අනුක්‍රමයෙන් අප මැරීමට ද? ආසනික් නිසා පිළිකාල හෘදයාබාධ, දියවැඩියාව, හටගනී. මේ සියල්ල මරණයෙන් කෙළවර වීමට ඉඩ තිබේ.
පසු වදනථ 10-06-2011 දින දිවයින පුවත්පතේ පළකරන ලද ඉහත කතුවැකිය ඉතා ආදර්ශමත් එකක් යැයි පාර්ලීමේනතුවේදී පවසා ඇති ගම්පහ දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ එය ඊයේ දිනම හැන්සාඩ් ගත කිරීමට සැලැස්වූ බව දැනගන්නට ලැබේ.