Wednesday, June 08, 2011

රාහු කේතු මාරුව ඔබට කොහොමද?

රටේ
උද්ඝෝෂණ රැල්ල
රාහු කේතු මාරුව නිසා
ලග්න 8 කටත් අපලයි

වසර 18 කට පසු සිදුවූ විශේෂ ජ්‍යොතිෂ්‍ය ග‍්‍රහ මාරුවක් පෙරේදා (ජුනි 6) සිදුවුණා. එම ග‍්‍රහමාරුව නිසා ලංකා කේන්ද්‍රයේ දසවැන්න දුර්වල වන බවත් රජයට නොයෙක් ප‍්‍රශ්නවලට අභියෝගවලට මුහුණදීමට සිදුවන බවත් ජ්‍යොතිෂවේදීන් පෙන්වා දෙනවා. වර්ජන උද්ඝෝෂණ, ස්වාභාවික විපත් මෙන්ම වසංගත පැතිරෙන බවත් මේ නිසා රජය පමණක් නොව විපක්ෂය පවා භේදවන බවත් ඔවුන් දක්වනවා.
මේ ග‍්‍රහමාරුව මින් පෙර සිදුවූ 1956, 1972-74 හා 1992-94 කාලයේත් මේ හා සමාන පලවිපාක උදාකර තිබෙන බවත් ඔවුන් දක්වනවා.
රාහු කේතු ග‍්‍රහමාරුව නිසා මේෂ වෘෂභ සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු හා කුම්භ ලග්න හිමියන්ට අසුබ පල ඇති විය හැකි බවත් ජ්‍යොතිෂ්‍යවේදීන් දක්වනවා.
මෙම ග‍්‍රහමාරුව රටට හා ලග්නවලට බලපාන අයුරු අද ලංකාදීප පුවත්පතට ලිපියක් ලියන ජ්‍යොතිෂ්‍යවේදී සුනිල් කොඩිතුවක්කුආරච්චි දක්වා තිබුනේ පහත පරිදිය.