Wednesday, June 08, 2011

බේසමකට වැටි දරුවා මිය යයි

වතුර බේසමක ගිලී මිය ගිය අවුරුදු එකහමාරක දරුවෙකු පිළිබඳ අනුවේදනීය පුවතක් දේවාලේගම ප‍්‍රදේශයෙන් වාර්තා වෙනවා.
වාර්තා වන ආකාරයට සිද්ධිය මෙසේය.
මව හා පියා රැකියා සඳහා පිටත්ව ගිය පසු මිත්තනියගේ රැකවරණය යටතේ සිටි මේ දරුවා මිය ගිය දිනයේත් උදෑසන සිට කෙළිදෙලින් සිටි බවත් දහවල් නිවසට පැමිණි ව්‍යාපාරික පියා සමග සෙල්ලම්ද කළ බවත් පවසන මිත්තනිය සවස මේ දරුවා නිදාගන්නට ගිය අවස්ථාවේ ඇයද පැත්තකට ඇළවී නිදාගත් බව කියන්නීය. අධිරුධිර පීඩන ඖෂධ ප‍්‍රතිකාර ගන්නා බැවින් ඇයට තද නින්දක් ගිය බවත් ඇය ඇහැරී බලන විට දරුවා පෙනෙන්නට නොමැතියෙන් නිවස විපරම් කරද්දී කුස්සියේ පරිහරණයට ගෙනවිත් තිබූ වතුර බේසමක දරුවා පාවෙමින් සිට ඇත්තේ රබර් බෝලයක්ද සමගිනි.දරුවා තනිව බෝලය සමග සෙල්ලම් කර එය බේසමට වැටුණ පසු ගන්නට තැත් කරද්දී දියේ ගිලී මේ මරණය සිදුවන්නට ඇතැයි සැක කෙරේ.
දරුවන් බලාගැනීමේදී මෙයට වඩා සැලකිල්ලක් දැක්වූයේ නම් දේවාලේගම කලන කල්හාර සිගිති පුතුගේ අකල් මරණය වළක්වාගන්නට හැකිව තිබිණි.