Tuesday, June 07, 2011

"Ranaviru Real Star"අනුශූරයාගේ SMS යන්තරේ

ආරක්‍ෂක අමාත්‍යංශයේවිසින් සංවිධානය කරනලද රණවිරු රියල් ස්ටාර් තරගාවලියේ අවසන් තරඟය සඳහා තරඟකරුවන් පස්දෙනෙකු ඉදිරිපත්වූ අතර එක් තරඟ කරුවෙකුට කෙටි පණිවුඩ ලක්ෂ තුනකට වඩා ලැබී තිබුණි.

මේ අතර රියල් ස්ටාර් අවසන් තරගයේ අනුශුරතාවය ලබා ගත් ශී‍්‍ර ලංකා යුද හමුදාවේ ඉන්දික අමරංග සෙබළා විසින් ජංගම දුරකතන ජාලයකට රුපියල් තුන් ලක්‍ෂ පනස් හතරදහස් හැටහතක පාඩුවක් සිදු කොට ඇති බව වාර්තා වේ.

තරගයේ අවසන් වටය පැවති දා රාති‍්‍රයේ ඔහුගේ එස්.එම්.එස් අංකය වෙත තම මවගේ හා සොයුරියගේ දුරකතන අංක මගින් රුපියල් තුන් ලක්‍ෂ පනස් හතරදහස් හැට හතක කෙටි පණිවුඩ එක් ලක්‍ෂ පහළොස් දහස් හැට අටක් යවා ඇත.

මෙම දුරකථන අංක දෙකම පසුගෙවුම් පැකේජ වන අතර ඒවා පරිගණකයට සම්බන්ධ කොට හෝ වෙනත් උපාංගයක් භාවිතාකොට එකවර විශාල ප්‍රමාණයක් මෙසේ කෙටි පණිවුඩ යවා ඇත.

පසුගෙවුම් පැකේජයේ පවතින් උපරිම සිමාව වන රුපියල් දෙදෙහසේ සිමාව ක්ෂණිකව විසන්ධි නොවන්නේ දුරකතනයේ බිල යාවත්කාලින වනවාට වඩා ඉක්මනින් එම කෙටි පණිවුඩ ප්‍රමාණය යැවීම හේතුවෙනි.

දුරකතන ජාලයට සිදු වූ අලාභය ගෙවන ලෙස ජංගම දුරකථන සමාගම විසින් කරනු ලැබූ ඉල්ලීමසෙබලාගේ සොයුරිය හා මව විසින් ප්‍රතික්ෂේපකොට ඇත.

මින් පෙරද ස්වාධින රුපවාහිනිය විසින් සංවිධානය කරන ලද අය.ටි.එන් රන් තරු වැඩසටහනේ අවසන් ජයාග්‍රාහකයා මෙම ක්‍රමය උපයෝගී කරගනිමින් අසල් වැසියන්ගේ නමට සිම් පත් රැගෙන එස්.එම්.එස් ලක්ෂ ගණනින් තමාගේ අංකය වෙත යවා තරඟයෙන් ජයග්‍රහණය කළේය.


sousrce:Gossip9