Monday, June 06, 2011

පූජා මවුබිමේ සිනමාවට තිත තිබ්බේ ඇයි ?

චන්න පෙරේරා විසින් රිදී තිරයට හඳුන්වා දුන් පූජා ගෞතමී උමාශංකර් දෙවැනිවරට ලංකාවට පැමිණීමට ප‍්‍රධාන හේතුව වූයේ ඇගේ පෙමට පියා විරුද්ධවීම බව ඉන්දියාවෙන් ලැබෙන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

පූජාගේ පෙම්වතා දෙමළ සිනමා නළුවෙකු වන ආරියා බව පැවසේ.

මේ දෙදෙනාගේ හාදකම ඉතා දුර දිගගිය එකක් බවත්, මොවුන් කලක් එකට ජීවත් වී ඇති බවත්, ඉන්දීය ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

දෙමළ චිත‍්‍රපට අධ්‍යක්‍ෂකයෙකු වන බාලා විසින් අධ්‍යක්‍ෂණය කළ'නාන් කඩවාල්’(Naan kadavul) දෙමළ චිත‍්‍රපටයේ රූගත කිරීම් සිදු කිරීමේදී පූජාට  ආර්යා හමුවී ඇති අතර, එම හමුව හාදකමක් දක්වාම දුරදිග ගොස් තිබේ.

මොවුන්ගේ හාදකම ඇතිවී ඇත්තේ 2008 වසරේදී බව පැවසේ.

ඇය'සුවඳ දැනුනා ජීවිතේ' චිත‍්‍රපටයේ රඟපෑමෙන් අනතුරුව ඉන්දියාවට ගොස් ආර්යා සමග කලක් එකට ජීවත් වී තිබේග.

අදාළ සම්බන්ධයට පූජාගේ පියා විරුද්ධවීමත්, එම සම්බන්ධයෙන් පූජාට අනාගතයක් නොමැති බවත් දැනුන හෙයින් ඇය යළිත් ලංකාවට පැමිණ ඇතැයි ද පැවසේ.

ඉකුත් නොවැම්බරයේදී ජූජා,'සුවඳ දැනුනා ජීවිතේ’ විත‍්‍රපටය කටුගස්තොට සීගිරි සිනමා හලේ තිරගත වෙද්දී පේ‍්‍රක්‍ෂකයන්ට පවසා තිබුනේ එය ඇය සිංහල සිනමාව තුළ රගපාන අවසන් චිත‍්‍රපයට බවය.

කෙසේවුවද ඇය ආචාර්ය සුනිල් ආරියරත්නගේ'කුස පබාවතී’ චිත‍්‍රපටයට එක්වීමට තීරණය කර ඇත්තේ මෙම පෙම්පල හිලවුවේ ගැටුම නිසාය.

කුසගේ චරිතයට මුළින් රුපියල් මිලියන 1.5 ක් ඉල්ලූ ජූජා පසුව රුපියල් මිලියනයකට එම චරිතයට රඟපෑමට කැමතිවී  ඇත්තේ ද ඒ නිසා බව පැවසේ.

මෙම චිත‍්‍රපටයේ කාලවර්ණ කුසගේ චරිතයට පණ පොවන ජැක්සන් ඇන්තනිට රුපියල් ලක්‍ෂ 11 ක් ගෙවනු ලබයි.