Friday, July 01, 2011

ගෝඨාභයගේ පුතා යුගදිවියට

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත් මනෝජ් රාජපක්ෂ මහතා සහ චන්ද්‍රා ලියනාරච්චි මහතාගේ දියණිය වූ සෙව්වන්දි ලියනාරච්චි මෙනෙවියගේ විවාහ මංගල්‍යය කොළඹ දී ඊයේ (30) කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණි.


මනමාලයාගේ පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද මනාලියගේ පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියද විවාහයට අත්සන් කෙරිණිග රාජපක්ෂ පවුලේ ඥාතීන් සමඟ මැති ඇමැතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් විවාහ මංගල්‍ය උත්සවයට සහභාගී වී සිටියහ.


මනෝජ්-සෙව්වන්දි යුවළල ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාල ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය සහ ජනාධිපතිවරයාගේ සහෝදර සහෝදරියන් සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු ඡායාරූපයේ දැක්‌වේ.