Thursday, July 28, 2011

දවල් කෑම පැකට් එකට නීති


පත්තර කොළ හා රිජිෆෝම් භාවිතයෙන් කෑම පාර්සල් ඇසිරීම ලෙඩ රෝග රැසකට හේතුවන බව වෛද්‍යවරයා පෙන්වා දුන්නා. 
පත්තර කොළවල බත් පැකට් ඔතා විකිණීම ද`ඩුවම් ලැබිය හැකි වරදක් ලෙස කොළඹ මහනගර සභාව නම් කර තිබේ.

පත්තර මුද්‍රණය කර ඇති තීන්ත තැවරී කෑම විසවිය හැකි බව ඔවුන් පෙන්වා දෙයි.

කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය ප්‍රදීප් කාරියවසම් මහතා සඳහන් කළේ, එවැනි ඇසුරුම් සෞඛ්‍යට අහිතකර වීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.


එසේම පිළියෙල කර පැය 4 ඉක්මවා ගිය පසු ආහාර නරක්වීමේ අවදානමක් පවතින නිසා කොළඹ නගරයේ දහවල් කෑම පැකට් විකිණීමේදී ඒ පිළිබඳ සහතික විය යුතු බවත් කෑම ඛෙදාහරින්නන් නගර සභාවේ ලියාපදිංචි විය යුතු බවත් පසුව සෑම කෑම පැකට්ටුවකම පිළියෙල කරන්නන්ගේ නම් ගම් සඳහන් කළ යුතු බවත් නව නීති මගින් පැහැදිලි කර තිබේ.
මේවා ගැන සොයා බැලීමට විශේෂ පරීක්ෂණ නිලධාරීන් පත් කරනනටද කොළඹ මහනගර සභාව තීරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් කොළඹ මහනගර සභාවේ සෞඛ්‍ය නිලධාරීන් දහවල් කෑම පාර්සල් අලෙවි කරන්නන් දැනුවත් කිරීමේ රැස්වීමක්ද පවත්වන ලදි.