Thursday, July 28, 2011

උසස් පෙළ ලියන්න ප්‍රයිවට් බස්වල නොමිලේ එන්න


පාසල් නිල ඇඳුමින් සැරසී  උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා පැමිණෙන සිසුන්ට පෞද්ගලික බස් රථවල නොමිලේ ගමන් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

කොළඹ (27) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ අගෝස්තු මස 08 වැනිදා සිට සැප්තැම්බර් මස 03 වැනිදා කාලය තුළ නිල ඇඳුමින් සැරසී එන පාසල් සිසුන්ට සිය විභාග ප‍්‍රවේශ පත‍්‍රය පෙන්වා ගමන් කළ හැකි බවයි.