Thursday, July 28, 2011

මිශෙල්ගේ හිත සමනලී ගනියි

මිශෙල් ෆොන්සේකාගේ අලූත්ම ටෙලි නාට්‍යයේ ප‍්‍රධාන නිළියගේ චරිතය සඳහා නිළියන් දෙදෙනෙකු අතර සීතල යුද්ධයක් පැවැති බව වාර්තා වේ.
 

 
මෙම සීතල යුද්ධය පැවැතී ඇත්තේ ජනපි‍්‍රය නිළියන් වන සුජානි මේනකා හා සමනලී ෆොන්සේකා අතරය.

කෙසේවුවද
අවසානයේ මේ තරගයෙන් සමනලී ෆොන්සේකා ජයගෙන ඇතැයි වාර්තා වේ.

නොඑසේ
නම් මිශෙල්ගේ හිත ගෙන ඇත්තේ සමනලීය.

සුජානි
මෙම චරිතය රඟපෑමට වැඩි උනන්දුවක් නොගත් නිසා එය අත් හැර දැමූ බව ඇය ක්‍ෂේත‍්‍රයේ කිහිපදෙනෙකු සමඟ පවසා ඇතැයිමේ අතර වාර්තා වේ.

එසේම
සමනලී, මිශෙල් විසින් 2004 වසරේ අධ්‍යක්‍ෂණය කළ ඒකාංගික ටෙලි නාට්‍යක් සඳහා රඟපා තිබීම නිසා මෙම අවස්ථාව හිමිවූ බවද පැවසේ.

කෙසේවුවද
සමනලී ශී‍්‍ර ලංකාවට පැමිණියේ ටෙලි නාට්‍යක් සඳහා රඟපෑමටයැයි කියමින් මෙම චරිතය ලබා ගත් බවටද ක්ෂේත‍්‍රයේ රාවයක් තිබේ.

අදාළ
ටෙලි නාට්‍යයේ ප‍්‍රධාන නළුවාගේ චරිතය හිමිවී ඇත්තේ සුජානිගේ ස්වාමියා වන ජනපි‍්‍රය නළුවෙකු වන බිමල් ජයකොඩි හටය.

මේ
ටෙලියේ ප‍්‍රධාන නිළිය ලෙස රඟපෑමට මුලින්ම ආරාධනා ලැබී තිබුණේ ජනපි‍්‍රය නිළි රශී පබෝධ සංදීපනී හට බවද ඇය එය ප‍්‍රතික්ෂේප කළ බවද වාර්තා වේ




Source: Srilankamirror