Sunday, July 31, 2011

හඳුන නොගත්තට ඒ මං තමයි

අලුතින් පටන් ගත්ත ‘අමා’ ටෙලි නාට්‍යයේ අමුතු ආකාරයේ චරිතයක් නිරෝෂන් විජේසිංහට ලැබුණා කියලා පසුගිය දිනක අපට කිව්වා. ‘අමා’ ටෙලි නාට්‍යය නැරැඹුවට නිරෝෂන් විජේසිංහ නම් අපි දැක්කෙ නෑ. ඒ වුණාට නිරෝෂන් කියනව ඔහු ඉන්නවා කියලා.
‘පහුගිය දවස් ටිකේම ඔය ප්‍රශ්නේ හැමෝටම තිබුණා. බොහෝ දෙනෙකුට මාව අඳුනගන්න බැරි වෙලා. මම රඟපාන්නේ ‘හෙන්රි’ ගේ චරිතය. ඒ කියන්නේ නිරෝෂා පෙරේරාගේ සැමියාගේ චරිතය. මගේ කටහඬ, හැඩරුව, ගමන බිමන මේ සියල්ලම වෙනස් නිසා කිසිම කෙනෙකුට ඒ මමයි කියලා අඳුනාගන්න බැරි වෙලා.
මගේ සාමාන්‍ය වයසට වඩා බොහොමයක් වැඩි පෙන්ෂන් ගිය වයසක කෙනෙකුගේ චරිතයක් මම කරන්නේ කියලා දැනගත්ත බොහෝ දෙනෙක් මගෙන් ඇහුවා ඇයි ඒ වගේ චරිතයක් බාරගත්තේ කියලා. සමහරු මට දොස් කියන්නත් පටන් ගත්තා. ඒත් මම හිතුවේ චරිතේ ගැන විතරයි. මම කොහොමත් විවිධ චරිත කරන්න කැමැති කෙනෙක්. මෙච්චර කාලෙකට මම මේ වගේ වෙනසක් වුණු චරිතයක් කරලා නෑ. සමහරු දොස් කිව්වට මට නම් හිතෙන්නේ මේක මට ලැබුණු වාසනාවක් කියලා.”

සිළුමිණ- රසඳුන පත්‍රයෙන් උපුටා ගත් කොටසකි