Sunday, July 31, 2011

දුර ගමන් ගාස්තු වර්ණයෙන් හඳුනාගන්න


දුර ගමන් බස් රථවල සේවා ස්වභාවය පහසුවෙන් හඳුනා ගැනීම සඳහා නාම පුවරුවලට වර්ණ ලබාදීමේ ක්‍රමය  විධිමත් ලෙස ඇරඹුවා.





මෙම ක්‍රමය අනුව,
කහ පාටින් සාමාන්‍ය ගාස්තු බස්ද
නිල් පාටින් අර්ධ සුඛෝපභෝගී බස්ද (එකහමාරක ගාස්තු)
කොළපාටන් සුඛෝපභොගී බස්ද (දෙගුණයක ගාස්තු)
දම් පාටින් අධි සුඛෝපභෝගී බස්ද (තෙගුණයක ගාස්තු) හඳුනාගත හැකිය.
මෙම ක්‍රමය පිළිබඳ නීති මින් ඉහත පනවා තිබුණත් හරිහැටි ක්‍රියාත්මක නොවුණ අතර ගාස්තු පිළිබඳ වැටහීමක් නැතිව බස් රථවලට ගොඩවැදීමෙන් මගීන් අපහසුතාවයන්ට ලක්වූ අවස්ථාද වාර්තා වුනා.
නමුත් ඊයේ සිට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මීට අදාළ වර්ණවලින් යුතු ගමනාන්ත පුවරු සහිත ස්ටිකර නොමිලේ ලබාදෙන බවත් මෙම ක්‍රමය ඉදිරියට විධිමත්ව පවත්වා යන බවත් දන්වා තිඛෙනවා.