Monday, August 15, 2011

ග්‍රීස් යකුන් ගැන බලමූ

කහවත්තේ භූතයාගෙන් පසුව ලංකාවේ ග්‍රීස් යකුන්ගේ රැල්ලක් අලූතින් බෝවූයේය’
ඇතැම් මංකොල්ලකෑම් ස්ත්‍රී දූෂණ සිදු කරන්නන් දැන් ග්‍රීස් යකුන්ගේ වේශයෙන් පෙනී සිටිමින් පළාතම බිය වද්දා තම රැකියාව හොඳින් කරගන්නට මාන බලන්නන්ය’
මේ පහත ඡායාරූපයක දැක්වෙන්නේ බදුල්ලේදී අල්ලාගත් 16 හැවිරිදි ග්‍රිස් යකාය’ මිතුරෙකු සමග එක්වී ප්‍රදේශයේ ගෙවල් බිඳ සොරකම් වල නිරතවූ බවකියන මේ 16 හැවිරිදි තරුණයා කොල්ල කන්නට තෝරාගන්නා කාන්තාවන් සිටින නිවෙස් වල කාන්තාවන් බිය වැද්දීම සඳහා යකෙකු ලෙස තීන්ත ආලේප කරගන්නා බව වාර්තා වනවා’

පසුගිය මාස කිහිපය තුළ පමණක් ග්‍රීස් යකුන් පිළිබඳ සිදුවීම් 47 ක් පොලිසියට වාර්තා වී තිඛෙන බවත් ඉන් 21 දෙනෙකුම අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය කියනවා’ මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ සැබෑ ග්‍රීස් යකුන් සහ ග්‍රීස් යකුන් නමින් පෙනී සිටිමින් අපරාධ කරන පුද්ගලයන්ගේ වෙනස හදුන්වා දීමටයි.

ඇත්තෙන්ම ග්‍රීස් යකුන් කියා පිරිසක් අතීතයේ සිටම ගම්වල සිටියහ.ඔවුන් පැමිණෙන්නේ ග්‍රීස් හෝ තෙල් ගාගෙනය.ඒ හදිසියේ හෝ ගම්මුන්ට අසු වුවහොත් ලේසියෙන් ලිස්සා යාමටය.

ඔවුන්ගේ එකම අරමුණ වන්නේ කාන්තා යට ඇඳුම් සොරකම් කිරීම හෝ කාන්තාවන් නිදා ගැනීම හෝ නාන දර්ශන හොරෙන් නැරඹීම මිස කාන්තාවන්ට ලිංගික අතවර කිරීම නොවේ.


එසේ කරනවානම් ඔවුන් ග්‍රීස් හෝ තෙල් ඇඟ පුරා ගාගෙන එන්නේද නැත. 


ග්‍රීස් යකුන් ලෙස හැසිරෙන්නේ මානසික රෝගීන් වේ.ග්‍රීස් යකුන් ප්‍රධාන වශයෙන් දෙකොටසක් වේ.එක කොට්ටාශයක් කාන්තා යට ඇදුම් වලට ප්‍රිය කරන අතරේ තව පිරිසක් කාන්තාවන් නිදා ගන්න අයුරු නානා අයුරු හොරෙන් බලා සිටීමට ප්‍රිය කරයි.

කෙනෙකුගේ සිරුරේ කොටසක් (ලිංගේන්ද්‍රිය හැරෙන්නට) හෝ ඇය/ඔහු භාවිතා කරන ඇඳුමක් උපකරණයකට ආදරය කරමින් ලිංගික තෘප්තිය උදෙසා එය පසුපස හඹා යෑම හදුන්වන්නේ ෆෙටිසම් (FETISM ) හෙවත් පුජාලංජන භක්තිය යනුවෙනි.

අන් අයෙකුගේ නිරුවත හෝ ලිංගික හැසිරීම දෙස බලා සිටීමෙන් පමණක් ලිංගික තෘප්තියට පත්වීම හදුන්වන්නේ වොයෙවුරිසම් (voyeurism ) දර්ශනකාමිත්වය යනුවෙනි.බෝහි විට ගැහැණු නාන තැන්වලට හා නිදන කාමරවලට එබිකම් කරන්නේ මොවුන්ය.

මෙම රෝගී තත්ව දෙකම තිබෙන පුද්ගලයනුත් සිටින අතර මෙහි විශේෂත්වය වන්නේ එවන් සිතුවිල්ලක් පහල වුවහොත් එය කෙසේ හෝ සඵල කර ගැනීමට අදාළ මානසික රෝගියා ඕනෑම අවධානමක් ගැනීමට පෙළෙඹෙන හෙයිනි.


එබැවින් මෙසේ අල්ලා ගන්නා ග්‍රීස් යකුන් නම් මානසික රෝගීන්ට පහරදීමෙන් ඔවුන්ගේ රෝගය සුව කල නොහැකි අතර ඔවුන්ට මානසික වෛද්‍ය වරයෙකුගේ ප්‍රතිකාර ලබා දීම අත්‍යවශ්‍ය වේ.

විකෘති ලිංගික ආශා ඇති සාමන්‍යය මිනිසුන් මෙන් හැසිරෙන උසස් සමාජයේ අයද මට හමු වී ඇත.

වර්තමානයේ ග්‍රීස් යකුන් සිටින්නේ ඉතා අල්ප ප්‍රමාණයකි.ඉන් වැඩිපුරම සිටින්නේ ග්‍රීස් යකුන් මෙන් වෙස්වලාගෙන අපරාධ කරන මිනිසුන්ය.

එයත් අවසන් වීමට කාලය පැමිණ ඇත්තේ අහිංසක මිනිසුන්ද ග්‍රීස් යකුන් යැයි හංවඩු ගසා කකුල් කඩා මරණයට පත්කිරිමටම තරම් ජනතාව ප්‍රකෝප වීම නිසාය.


ජනමාධ්‍යය මගින්ම පිම්බු ග්‍රීස් යකා, අතොරක් නැතුව ගුටිකන අයුරු ජනමාධ්‍යය මගින්ම පෙන්වූ නිසා ව්‍යාජ ග්‍රීස් යකුන්ද ඉබේම පහව යනු ඇති බව අපේ බලාපොරොත්තුවයි.








ජායාරුප : ලංකාදීප | w3 ලංකා